Wednesday, 8 September 2021

ප්‍රශ්නයක් නම් නොසැලී ඉන්න

ප්‍රශ්න කරදර ගැටලු හැමෝටම පොදු දෙයක්.ඒක ඉපදුන දවසේ ඉදන් සොහොනට යනකම්ම එහෙමම තමා. ප්‍රශ්න නැති ගැටලු නැති ඒකාකාරී ජීවිතයක හිර උන පුද්ගලයකුගේ සහ ප්‍රශ්න ගැටලු විසදන් ජීවිතේ ඉස්සරහට යන පුද්ගලයකුගේ විශල වෙනසක් තියෙනවා. ප්‍රශ්න කියන දේ අවස්තාවට සාපේක්ෂව බරපතල සහ පුද්ගලයාට සාපේක්ෂව බරපතල විය හැක.නමුත් එය පසු කාලීනව හැරී බැලූ විට එම ප්‍රශ්නය ප්‍රශ්නයක් නොවෙන බව වැටහේවි.කෙසේ නමුත් ප්‍රශ්න ගැටලු කියන්නේ තාවකාලික යමක්.ඉතින් එසේනම් එකම ප්‍රශ්නයකට තාවකාලික ප්‍රශ්නයකට මේ තරම් තැවෙන්නේ ඇයි ? ලතවෙන්නෙ ඇයි? ප්‍රශ්නයක් ආ විට ඒකෙම ඇලී ගැලී ඒ මත්තේ ගිලී මැරෙනවාට වඩා ප්‍රශ්නයක් නම් පැත්තකින් තියන්න. 

එක්තරා ගමක එක් ප්‍රඥාවන්ත මිනිසෙක් හිටියලු. දිනක් ඔහු ළඟට මිනිසුන් පිරිසක් පැමිණ තම ගැටලු ප්‍රකාශ කරන්නට උනි. නැවත නැවතත් එකම ප්‍රශ්නය කියමින් ඔවුන් තැවෙන්නට විය. 

මෙය බලා සිටි එම ප්‍රඥාවන්තයා විහිලුවක් කීවේය.සියලු දෙනා සිනාසුනෝය.නැවතත් එක විහිලුව කී විට පෙර තරම් සිනා නොවීය.නැවතත් එකම විහිලුව කී විට කිසිවෙක් සිනාසුනේ නැත. 

එකම විහිලුවට උවද ඔබ නිතර නිතර සිනාසෙන්නේ නැත.එසේනම් එකම ප්‍රශ්නයට ඔබ නැවත නැවතත් සැලෙන්නේ කිම්ද ? 

ප්‍රශ්න එනවා යනවා.නමුත් ජීවිතේ ගලාගෙන යනවා.පුඩින් එකක් උනත් රස වෙන්න නම් ඒ අතරට මුද්‍රස් පලම් , කජු වගේ දේවල් එකතු වෙන්නෝනේ.ජීවිතෙත් එහෙමමයි.ජීවිතේ රස වෙන්න නම් ප්‍රශ්න බාධා එන්නම ඕනේ.නමුත් ඔබ ජයග්‍රහණය කළා වෙන්නෙ ප්‍රශ්න මැද්දේ ජීවිතේ නොවැටී යද්දි.ප්‍රශ්නයක් ආ විට ඒ ගැනම ලත වෙනවා වෙනුවට එය පසෙකින් තබන්න.සුලු මොහොතක් විවේක ගන්න.එවිට විසදන්න ඕන ක්‍රම ඔබට මතක් වේවි.ඒ ගැනම හිත හිත ඔබේ මනස අවහිර කිරීමෙන් ඒ ප්‍රශ්නය තව තවත් වැඩි වෙනවා මිස එයින් මිදීමක් සිදු වන්නේ නැත.එම නිසා ප්‍රශ්නයක් නම් නොහිතම ඉන්න.එය කිරීමට අපසුයි නමුත් උත්සාහ ගන්න. 

ඔබට පුලුවන්  ඔබේ ගැටලුව කොලයක ලියන්න, ගසකට අහසට සතෙකුට කියන්න, ඒත් නැතිනම් විශ්වාසවන්තයකුට කියන්න, නිදහස් වෙන්න යමක් කරන්න.මේ තුළින් එක් අතකට ඔබට මොන ප්‍රශ්න ආවත් ඔබේ ජීවිතේට බාධා නොවෙන්න පුලුවන් අනික් දේ නම් ප්‍රශ්නයට පිළිතුරත් ලැබේවි. 


🖊️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

MPhil in Psychology (Reading)

BA (Hons) in Psychology 

N.Dip in Counselling 


5 comments: