මිනිස්සු ආසම සිතූ පැතූ දේවල් සිතන පතන වෙලාවටම ලැබෙනවට.එහෙම උනාම මිනිස්සු හරිම තෘප්තිමත් ඒත් හිතන පතන දේවල් ඒ වෙලාවටම නොලැබුනාම මිනිස්සු ඒ ගැන සැක හිතන්න ගන්නවා මිනිස්සු දුක් වෙනවා පසුතැවෙනවා. එහෙම උනාම ඒ දේවල් ලැබෙනවා වෙනුවට තවත් ඈත් වෙනවා.
දිනක් එක්තරා පුද්ගලයෙක් ඔහේ ඇදී තිබුණ පාරක හුඟක් දුර ඇවිදන් ගියා. ඔහු අවසානයේ නතර උනේ පාරාදීසයක.මොහු ලොකු හෙවණක් දෙන විශාල වෘක්ෂයක් ලඟ වැතිරුනා.ඔහු බොහෝ සුවබර නින්දකින් පසුව අවදි උනා. ලොකු සාගින්නක් දැනුන නිසා කෑමක් ලැබුනනම් කියල ඔහුට හිතුනා.පුදුමකට වගේ ඔහු ඉදිරියේ ලෝකයේ ප්‍රණීතම ආහාර මැවුනා.ඔහු සතුටින් ආහාර ගත්තා.
තවත් මොහොතකින් ඔහුට පිපාසාවක් දැනුනා.ඔහු ඒ ගැන හිතද්දිම ලෝකයේ ප්‍රණීතම බීම ඔහු ඉදිරියේ.ඔහු ඒවත් රසවින්දා.
දැන් ඔහු පරිපූර්ණයි. ඔහුට වෙන සිතන්න යමක් නෑ.ඒ නිසා ඔහු ඔහුගේ සිතට කරදර කරන්න පටන් ගත්තා.ඔහු හිතුවා සිතන පතන හැමදේම මෙහෙම ලැබෙන්නේ කොහොමද මෙහෙ හොල්මන් ඉන්නවද දන්නේ නෑ යැයි සිතුවා. තවද ඒ හොල්මන් තමාට කරදර කරාවියැයිද සිතුවා.ඔහු සිතූ ලෙසම හොල්මන් ඔහුව වටකරගත්තා.ඔහුට හිරිහැර කරන්න පටන් ගත්තා. ඒ අතරේ ඔහු සිතුවා මා මරණයට පත් කරයිද ?
සිතුවා සේම ඔහු මරණයට පත් උනා.
මේ මනඃකල්පිත කතන්දරයකි.නමුත් ඔබම සිතා බලන්න ඔබටත් සිදුවන්නේ මෙසේ නොවේද? සිත යනු ප්‍රබලම දෙයකි. ඔබ ඔබට අවශ්‍ය දේ ලබා ගන්න නම් අද සිට සිත හැසිරවිය යුතුමය. පළවෙනිම දෙයනම් සංසුන් සිතයි. සිත යනු සෑම විටම එකතැනක රදවා තබා ගැනීමට අපහසුම දෙයකි. නමුත් අප සෑම විටම උත්සාහ ගත යුත්තේ සිත එක තැනක තබා ගැනීමටයි.එයට තමාට සුදුසු උපක්‍රමයක් භාවිතා කරන්න.
දෙවනුව සෑම විටම ධනාත්මක සිතුවිලි උපදවා ගත යුතුය. ඔබ යමක් අපේක්ෂා කරන්නේනම් ඒ දේ තමාට ලැබෙන තුරු එය තමාට හිමිවන බව තරයේ විශ්වාස කළ යුතුය.මෙතනදී ඒ පිළිබඳව ඕනාවට වඩා සිතා පසුව සිත බිද ගන්නා මට්ටමට නොව ඒ දේ පිළිබඳව ධනාත්මක චින්තනයක් පමණක් තබාගන්න.
උදාහරණයක් ලෙස ඔබට චොකලට් එකක් අවශ්‍ය නම් මට චොකලට් ලැබේවියැයි සිතන්න.ඒ පිළිබඳව උවමනාවට වඩා වද නොවී සිටින්න.
දැන් ඔබ ඔබේ ඉලක්කයන් වෙනුවෙන් වැඩ කරන්න. ඔබේ සිත හසුරුවනවා මෙන්ම ඔබත් වෙහෙසී කටයුතු කිරීමෙන් ඔබට ඔබ බලාපොරොත්තුවන ඕනෑම දෙයක් කිසිදු සිත් තැවුලකින් තොරව ලබා ගත හැකි වේවි.
🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
MPhil in Psychology (Reading)
BA (Hons) in Psychology
N.Dip in Counselling
No comments:
Post a Comment