Sunday, 25 July 2021

L I F E


It's okay not to be okay
It's okay to be broken 
It's okay to cry

It's okay to feel sad
It's okay to be rejected
It's okay to be alone
It's okay to feel alone
It's okay to avoid people
If you feel uncomfortable
It's okay to procrastinate at times
It's okay to rest one day
It's okay to have bad days
It's okay to be failed

That's how life is.Just keep in mind even though the days are good or bad they will end.Days won't be forever.Everthing is temporary.Most beautiful days also end.Not even a second lasts with us.Only footprints remain.Most important thing is don't cross the limits.Observe how time flies.Be yourself , don't pretend to be someone else uncomfortably.Love yourself more than anything.Be confident.Trust yourself.

You are going to have wonderful days ahead ♥️




🖊️ Sri Parami Rajapaksha 

Tuesday, 20 July 2021

විභාගයට පහසු මඟ

විභාගයට තියෙන කාලය අඩු උනත් විභාගය ලං උනත් කිසිම කලබලයක් නැතුව පාඩම් කරන්න ලේසි ක්‍රම කිහිපයක් තමා මේ කියන්න හදන්නේ. මේ කොයි දේ උනත් විභාගය ලං වෙනකම් නොයිද එදිනෙදා පාඩම් එදිනෙදා ඉවර කරන එකනම් හුගක් වැදගත්.මොකද එදා කරන පාඩම මතක නොහිටින්න පුලුවන් නමුත් ආයෙම පාඩම් කරද්දි තව අවබෝධයක් ඉක්මනින් ලැබෙනවා වගේම හොදින් මතක තියාගන්න පහසුයි.


1) රාත්‍රීයේ නිදිවරාගෙන පාඩම් කරන්න එපා.මම යෝජනා කරනවා පුලුවන් තරම් රෑ පාඩම් කරන්න එකතු කරගන්නේ නැතිව දවල් කාලයේ පාඩම් කරන්න.නින්ද මතකයට හුගක් වැදගත්.ඒ නිසා පොඩි වෙලාවක් නිදාගෙන ලොකු වෙලාවක් පාඩම් කරනවාට වඩා රාත්‍රී 10 11 පමණ වන විටවත් නිදාගන්න.දවල් දවසම උදේ ඉදන් පාඩම් කරන්න.තවත් කරුණක් තමා මේ රෑ 10 11 පාඩම් කර අවසන් උනාට පස්සේ නිදා ගන්න උත්සහ කරන්න එතනින් පස්සේ ෆෝන් එකේ ඉන්න නම් එපා.ඒ වෙලාව නින්දට වෙන් කරන්න.


2) ෆෝන් එකෙන් ඈත් වෙන්න. (පෙර ලිපියෙත් මම මේ ගැන සදහන් කලා.) ඒ වගේම රූපවාහිනියෙනුත් ඉවත් වෙන්න.හරවත් වැඩසටහන් පමණක් නරඹන්න.මේ ගැනනම් වෙනමම කතාවක් ලියන්න පුලුවන්.මෙගා ටෙලිනාට්‍ය ඇතුළු හරයක් නැති කිසිම වැඩසටහනක් නරඹන්න එපා (විශේෂයෙන් විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙන අය).තමන්ගේ දරුවව ඒකෙන් ඈත් කරන්න.ඒ වෙනුවට හරවත් යමක් ඉගෙන ගන්න පුලුවන් වැඩසටහන් ටෙලි කතා නරඹන්න දෙන්න.


3) විනාඩි 25 -30 වැනි පුංචි කාලයක් එක දිගට පාඩම් කරන්න.මෙතනින් පස්සෙ විනාඩි 5 විවේකයක් ගන්න.නැවත විනාඩි 25-30 ක් පාඩම් කරන්න නැවත විවේකය ගන්න.මේකෙන් වෙන්නේ මොලයට මෙතෙක් වේලාවක් පාඩම් කරපු හැමදේම ධාරනය කරගන්න පහසු වෙන එක.


4) අද දවසේ ඉවර කරන පාඩම අනු කොටස් වලට බෙදා ගන්න.දවස අවසානයේ පාඩමක් හෝ දෙකක් (ඔබට පහසු විදියට) සැලැස්මක් හදා ගන්න.ඒ සැලැස්මට අනූව වැඩ කරන්න.පළවෙනි විනාඩි ගානෙදි පාඩම් කරන කොටස මේ විදියට බෙදා ගන්න.ඒ කොටස විනාඩි 25 - 30 කදි පාඩම් කරන්න පුලුවන් කොටසක් වෙන්න ඕනේ.එකින් එක අවසන් කරන්න.පාඩම අවබෝධ කරගන්න.කට පාඩම් කරන එක නෙමෙයි විය යුත්තේ අවබෝධ කරගැනීම.මේ පාඩම ඉවර වෙද්දි ඔබ හරියටම පාඩම් කළාද කියලා සොයා ගන්න ඔබටම පුලුවන්.ඒ කොහොමද ? ඔබට මේ පාඩම මේ පාඩම මුකුත්ම නොදන්නම කෙනෙක්ට තේරෙන විදියට ඉතාම සරලව කියල දෙන්න පුලුවන් වෙන්න ඕනේ.අන්න එහෙම පුලුවන් කියන්නේ ඔයා හොදට පාඩම් කරලා විභාගෙදි ඒ පාඩම ගොඩ 😍


5) පාඩමක් අවසානයේ ඔබට යම් කෙනෙක්ට මේක උගන්නන්න පුලුවන්නම් සාර්ථක ක්‍රමයක් මතක තියාගන්න.යහලුවෙක්ට පාඩම උගන්නන්න.තනියෙන් පාඩම් කරනවාට වඩා මේක හුගක් සාර්ථකයි.නැවත මතක් කිරීමක් වෙනවා මෙතනදි.ඔබට යහලුවෙක් නැත්තම් උගන්නන්න අඩුම ගෙදර කෙනෙක්ට සුරතලාට නැත්තම් ගහකට හරි උගන්නන්න.ඒක හුගක් සාර්ථක ක්‍රමයක්.මෙතන කොන්දේසියක් තියෙනවා.මතක හිටින්න නම් උගන්නන්න ඕනේ කියලනේ කියන්නේ කොටස් මග හැර මග හැර උගන්නන්න ඕනේ නැත්තම් එයා ලකුණු ගනී කියලා හිතලා උගන්නන්න එපා.මොකද එහෙම උනාම වෙන්නේ ඔබට මතක තියෙන්නෙ ඔබ උගන්නන්න කොටස් ටික.ඔබ බොරු ඉගැන්නුවොත් හරි කොටස් මග හැරියොත් හරි ඔබටත් ඒ යාලුවාට උගන්නපු විදියටම මතක හිටී.


6) දවස අන්තිමට ඔබ ඉගෙන ගත්ත නැත්තම් පාඩම් කරපු හැමදේම පොත් වහලා පැත්තකින් තියලා මතකයෙන් ඔබට තේරෙන විදියට කොලයක ලියන්න.ලස්සන පාට පෑන් භාවිතා කරලා ඔබ කැමති විදියකට පොඩි ශෝට් නෝට් එකක් හදාගන්න.ඊට පස්සේ හරි වැරදි බලන්න ආපහු.බලල වැරදි නිවැරදි කර ගන්න.දැන් මේ ශෝට් නෝට් එක බැලුවත් ඇති විභාගය ලං උනාම.


7) ඔබට පහසුනම් සංගීතයට ඇහුම්කන් දෙන ගමන් පාඩම් කරන්න.මේක මතකයට හොද දෙයක්.සමහර අයට අපහසුයි ඒ අය මේක උත්සහ කරන්න එපා.මේ කියන්නේ සිංදු නෙමෙයි.සංගීතයක් ඒ කියන්නේ වචන නැත්තම් සිංදුවක් නැති සංගීතයක්.හිත නිවෙන සැහැල්ලු සංගීතයක් වෙන්න ඕනේ.පුලුවන් අය පහසු අය පමණක් උත්සහ කරන්න.


මේ පුංචි ක්‍රම කිහිපය උත්සහ කරන්න.ඔබට ජය !

🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

Monday, 19 July 2021

මතක හිටින්න පාඩම් කරන්නේ කොහොමද ?

පාඩම් මතක හිටින්න පාඩම් කරන්න ඕනේ කොහොමද ? මේ හුගක් වෙලාවට තියෙන ලොකු ගැටලුවක්.මේකෙන් කතා කරන්න උත්සහ කරන්නේ එහෙම මතක හිටින්න පාඩම් කරන්න , කරන්න පුලුවන් දේවල් කිහිපයක්.


1. සුදුසුම තැන : ඔබට පහසු ඔබ කැමති තැනක් තෝරගන්න.මෙතනදි ඔබ කැමති තැන ඔබට ආස හිතෙන විදියට හදාගන්න.ඉන්න ආස හිතෙන විදියට ඒ තැන හදාගන්න එක තමා වැදගත්ම.ඒකට හේතුව වෙන්නේ ඔබට මේ තැන යම් වේලාවක් ‍රැදී ඉන්න වෙනවා පාඩම් කරන්න.එහෙම උනාම ඔබ කැමති තැනක් පහසු තැනක් උනාම ඔබට රැදී ඉන්න හිතෙනවා.


2. අනවශ්‍ය දේ අයින් කරන්න : ඒ කියන්නෙ ඔබට පරිඝනකයක් තියෙනවානම් ඔබේ ජංගම දුරකථනයේ තියෙන හැම සටහනක්ම පාඩම් කරන්න අවශ්‍ය හැම දෙයක්ම පරිඝනකයට දාන්න.ෆෝන් එක එතනට ගෙනියන්න එපා. ( ෆෝන් එකක් නම් තියෙන්නේ නෝට් වෙන දාන්න පරිඝනකයක් නැත්තම් එයා ප්ලේන් මෝඩ් දාගන්න.හිතට තදින්ම කියන්න මම ෆෝන් එක ඔන් කරන්නේ පාඩම් කරලා ඉවර කලාම කියන එක ) ඒ වගේම ඒ විශයට අවශ්‍ය පොත් පමණක් ලග තියාගෙන අනික් හැම පොතක්ම සටහනක්ම එතනින් ඉවත් කරන්න.ඒ වගේම ඒ පාඩමට අවශ්‍ය පෑන් පැන්සල් ඒ දේවල් ලග තියාගෙන අනික් හැම දේම එතනින් අයින් කරන්න.මේ දේ ඔබේ මනස සංසුන් කරන්න හේතු වෙනවා.


3. දවසේ වැඩ පෙළගස්වන්න : කලින් දවසේ රාත්‍රියේ එහෙම නැත්තම් අදාළ දවසේ අවදි උන ගමන් මේ දවසේ ඉවර කල යුතු පාඩම් කොටස් ලියන්න.මේකේදි ලොකු ලිස්ට් එකක් නොහදා පොඩි සංඛ්‍යාවක් ලියන්න.ඔබට අද දවසේ ඉවර කරන්න පුලුවන් කියල හිතෙන ප්‍රමාණයක් විතරක් ලියන්න.එක දෙක තුන විදියට පහලට ලියාගන්න.හැකිනම් කාල වෙන් කරන්න හැම වැඩේටම.ඒ වැඩේ ඉවර උනාම ඒක ලිස්ට් එකෙන් කපා ඉවත් කරන්න.වැඩ හැම දේම කලාම ඔබට ලොකු තෘප්තියක් දැනෙයි.


4. ආස හිතෙන දෙයින් පටන් ගන්න : ඔබට ආස හිතෙන පාඩමින් , විශයෙන් දවස පටන් ගන්න.හැමදාම එකම දේ කරන්න අපහසුයි ඒ නිසා ඔබ කැමති විශයන් නැත්නම් පාඩම් හැම දවසකටම යොදා ගන්න.උදාහරණයක් ගත්තොත් ඔබේ ආසම විශය ගණිතයනම් හැම දාම ඉස්සේල්ලාම ගණන් හදලා වැඩ පටන් ගන්න.


5. බ්‍රේක්ස් : ඔබට කොයි තරම් වෙලා එකතැන ඉන්න පුලුවන්ද කියලා හිතන්න.ඒ වෙලාවෙන් පස්සේ එතනින් ඉවත් වෙන්න විනාඩි 5  සුලු විවේකයක් අරන් ආපහු එතනටම එන්න.මම පෞද්ගලිකව යෝජනා කරනවා උපරිම විනාඩි 45 ක් රැදෙන්න ඊට පසු විනාඩි 5 10 විවේකයක් ගන්න.මේ විවේකය ගන්න කිසිම මොහොතක එතන රැදී ඉන්න එපා එතනින් ඉවත් වෙන්න.මේ පුංචි බ්‍රේක්ස් අතර එක වෙලාවක හරි පරිසරය විදින්න , සිංදුවක් දෙකක් රස විදින්න , ගෙදර අය එක්ක පොඩි මනස සැහැල්ලු වෙන විදියට කතා කරන්න , සුරතලෙක් ඉන්නවනම් සුරතල් කරන්න.මේ බ්‍රේක් එකේ පාඩම් ගැනනම් හිතන්නවත් එපා.ෆෝන් එකත් භාවිතා නොකර ඉන්නවනම් හොදයි. 

ඔබ මුලින්ම පුංචි කාලයක් පාඩම් කරන්න ටිකෙන් ටික කාලය වැඩි කරන්න.


6. ඉවත් වෙන්න : ඔබ කොයි තරම් වෙලා රැදී ඉන්න උත්සහ කලත් හිත එක තැනකට ගන්නම බැරි නම් එතනින් නැගිටලා යන්න.මනස නිදහස් උනාම ආයෙම යන්න.වෙලාවක් තියාගත්තට සමහර දවසට ඔබට එක දිගට කරන්නම බෑ හිතෙන්න පුලුවන් එහෙම උනාම එතනින් ඉවත් වෙන්න.


7. ආසාව : ඔබ පාඩම් කියවන්න කලින් ඒ ගැන ආසාවක් ඇති කරගන්න.ඔබට දැන් පුලුවන්  youtube එකේ ඒ පාඩමේ දේවල් කලින් අහන්න ආස හිතෙන විදියට ඔලුවට දාගන්න.පොඩ්කාස්ට් වලට ඇහුම් කන් දෙන්න.මේකෙන් කලින් ඔබට මේ පාඩම් ගැන ආසාවක් උනන්දුවක් ඇති කරගන්න පුලුවන්.


8. හිත පුහුණු කරන්න : මේකෙදි වෙන්නේ හිත එක තැන තියාගන්න පුහුණු කරන එක.භාවනා කරන්න පුලුවන් , සිංදු අහන්න පුලුවන්.සිංදු අහද්දි ඒ සිංදුවේ පද  නැත්තම් සංගීතය අහන් ඉන්න පුරුදු වෙන්න.සිංදු අහන ගමන් චැට් කරන්න ෆෝන් බලන්න එපා සිංදුව අහන්න.කා එක්ක හරි කතා කරන්න.එහෙම කතා කරද්දි කතා කරන එක කරන්න වෙන වැඩ කරන්න එපා.මෙහෙම එදිනෙදා වැඩ වලදි ඒ වැඩේට අවධානය දෙන්න පුරුදු වෙන්න.හිත පුහුණු වෙයි ඒ යමකට අවධානය තියාගන්න.


🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

Sunday, 18 July 2021

ප්‍රඥාව

ප්‍රඥාව,

ප්‍රඥාව කියලා සරලවම අදහස් කරන්න පුලුවන් ඔබ ලග තිබෙන දැනුම ඔබේ බුද්ධිමත් බව භාවිතා කිරීමට නිවැරදිම අවස්තාවේ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ලෙස විස්තර කරන්න පුලුවන්.පෙර ලිපියේ සදහන් කලා වගේ ස්ටොයිකවාදයට අනූව වැදගත්ම දෙයක් තමා ප්‍රඥාව කියන්නේ.මේ ලිපියෙන් මම පැහැදිලි කරන්නේ ඔබට ප්‍රඥාව වැඩි දියුණු කරගන්න ඔබටම කරන්න පුලුවන් සාර්ථක ලේසි ක්‍රියාවන් තුනක්.මීට වඩා ක්‍රම තියෙනවා සහා ඒවත් අනුගමනය කිරීමෙන් ප්‍රඥාව වැඩි දියුණු කරගන්න පුලුවන්.මම ඔබට භාවනාව ගැන මේ ලිපියෙන් කතා කරන්නෙ නෑ ඒකට එක හේතුවක් වෙන්නේ සමහර අයට භාවනා කරන්න අපහසුයි.මේ ලිපියෙන් වැඩිපුරම අවධානය යොමු කරන්නේ ඕනම කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් වැඩි වෙහෙසක් නැති ක්‍රම තුනක් පමණයි.


1/ අත්දැකීම් ලබා ගැනීම

මම විශ්ව විද්‍යාලයෙන් මෑතකදි සමුගත්තේ.මම මගේ උපාධිය සම්පූර්ණ කළේ මෑතකදි.ඒ සමගම මට රැකියාවක් හොයාගන්න බැරි උනා.හුගක් වෙලාවට මට ආව ලොකුම ප්‍රශ්නය තමා පළපුරුද්ද නැති කම.ඒත් එක්කම කොරෝනා ආවාම රැකියාව තව පස්සට ගියා.ගෙදර ඉන්න අතරේ කරන්න වැඩ නැති උනා.එහෙම උනාම ෆිල්ම් බලන එක තමා මගේ ප්‍රථම රාජකාරිය උනේ.මම ෆිල්ම් බලලා ඒ ෆිල්ම් ගැන හිතෙන දේ ලිව්වා.හැබැයි මට ඒවා කාටවත් පෙන්නන්න ඕනේ උනත් බැරි උනා.ඔහොම එක එක විදියේ ඒවා ලිව්වා.නිසදැස් කවි එක එක ජාති ලිව්වා ඒත් ඒවා එකක්වත් සාර්ථක උනේ නෑ.හැබැයි මම ඒවා ලියන එක අත්හැරියෙත් නෑ.අලුත් අලුත් විදියට ලිව්වා ඔහොම ලියන ඒවා මම fb එකේ page එකක දාන්න පටන් ගත්තා.ටිකෙන් ටික මම ලියන්න ඉගෙන ගත්තා තාමත් ඉගෙන ගන්නවා.ඒ මම ලියන්න ලබා ගත්ත අත්දැකීම.මේකෙන් මට හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා.අලුත් අත්දැකීම් ලැබුනා ජීවිතේට.

ඔබට අත්දැකීම් ලබා ගන්න ඕනම තරම් ක්‍රම සහ විදි තියෙනවා.අවශ්‍ය වෙන්නේ ඔබේ උනන්දුව සහ උත්සහය.ඔබ කරන්න ආසම කරන්න බයම දේ කරන්න පටන් ගන්න.එයින් ඔබේ ජීවිතයට මෙතෙක් කාලයක් ලබා ගන්න බැරි උන ලස්සන අත්දැකීම් ගොන්නක් එකතු වෙයි.අලුත් දේවල් අත්හදා බලන්න.ඒවා වරදීවි නමුත් වැටෙන්න එපා නැවත උත්සහ කරන්න.ඔබට ඒ වැටෙන හැම වාරයකම අලුත් අත්දැකීමක් පාඩමක් ජීවිතේට එකතු වෙයි.ජීවිතේ යම් අවස්තාවක ඔබ ඒ උගත් පාඩම් ඔබට අවශ්‍ය වේවි.

"We gain strength, and courage, and confidence by each experience in which we really stop to look fear in the face.We must do that which we think we cannot.” - Eleanor Roosevelt -

" අපි උත්සහ කරන්න බයෙන් හිටපු ඉන්න අත්දැකීමක් අනිවාර්යයෙන්ම ගන්න ඒ තුළින් ශක්තිය , නිර්භීත බව සහ ආත්ම විශ්වාසය ලැබේවි.අපි කරන්න ඕනේ අපිට බෑ හිතෙන දේ."


2/ Journal එකක් ලියන්න

මේකෙදි ඔයා කරන්න ඕනේ ඔයාට ඔයා අද දවසේ ලබා ගත්ත විශේෂ අත්දැකීම් ලියන්න.ඔයා ගත්ත තීරණ , අලුතින් උත්සහ කල දේවල් සදහන් කරන්න.ඔයාට මේ නිසා දැනුන හැගීම් ඔයා හැසිරුන විදිය , ඔයා ඒ විදියට හැසිරෙන්න හේතුව , අනික් අයගෙන් ඔයාට උන බලපෑම මේ හැම දේම ලියන්න.ඔයාට පුලුවන් මේක ඔයා කැමති විදියට ලියන්න චිත්‍රයක් අදින්න කැමතිනම් මේ ගැන ඔයාට ආයෙම කියවන්න හිතෙන විදියට journal එක පවත්වාගෙන යන්න.දිනපතා ලියන්න පුලුවන් නම් වඩා හොදයි ඒ බැරි උනත් පුලුවන් හැම වෙලාවෙම ලියන්න අවම සතියකට පස් හය වතාවක්ම.සතිය අග ඔයා මේ සතිය ගැන කියවන්න.ඔයාගේ අත්දැකීම් ඔයාගේ හැසිරීම් විශ්ලේෂණය කරන්න.යමක් මේකෙන් ඉගෙන ගන්න.ඔබ අත්දැකීම් ලබා ගත්තට මදි ඔයා ඒවා ජීවිතේට එකතු කරගන්න ඕනේ ඒකට මේ ක්‍රමය වැදගත්.

" We do not learn from experience.We learn from reflecting on our experience". - John Dewey-

" අපි ඉගෙන ගන්නේ අත්දැකීම් තුළින් නොවේ.අපි ඉගෙන ගන්නේ ඒ අත්දැකීම් සමාලෝචනය තුළින්."


3/ අලුත් පුද්ගලයන් ඇසුරු කරන්න.

මේකෙදි ඔයා වටේ ඉන්න විවිධ වටපිටාවන් නැත්තම් විවිධ පසුබිම් සහිත විවිධාකාර අය ඇසුරු කරන්න.ඔවුන් සමග කතා කරන්න ඔවුන්ගේ දැනුම ලබා ගන්න.ඔවුන්ගේ හොද සහා ඉගෙන ගත හැකි වටින දේවල් ඉගෙන ගන්න.කිසිම වෙලාවක විනිශ්චය කරන්න එපා ඔවුන්ව ඒ වගේම ඔවුන්ගේ කතාවන් පිළිබදව විවෘත මනසකින් හිතන්න.ඔයාගේ ජීවිතේට ගන්න පුලුවන් හොද දේවල් හොද පුරුදු දැනුම ලබා ගන්න.වර්ථමාන තාක්ෂණික ලෝකයේ මේ දේ ඉතා පහසුවෙන් ඔබට කරන්න පුලුවන්.නමුත් හැමවිටම මනසේ තියාගන්න ඔබේ ආරක්ෂාව ඔබේ පරිස්සම තියාගන්න.හොද අවබෝධයෙන් පුද්ගලයන් ඇසුරු කරන්න තෝරගන්න.මේකත් ඔබට අලුත් අත්දැකීම් ලබා දෙයි.

මේ ක්‍රම තුන ඔබට ඉතාම පහසුන් ප්‍රඥාව දියුණු කරගන්න යොදා ගන්න පුලුවන්.මීට අමතරව පොත පත කියවන්න , චිත්‍රපටයක් බලන්න , සංගීතයට ඇහුම්කන් දෙන්න , ස්වාභාව ධර්මය සමඟ රැදෙන්න , හැකිනම් භාවනා කරන්න අවම දවසට විනාඩි දහයක්වත්.මේ තුළින් ඔබේ ප්‍රඥාව වැඩි දියුණු කරගන්න.


🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

පෙර ලිපිය මේ link එකෙන්

Friday, 16 July 2021

STOICISM AND LIFE

ස්ටොයිකවාදය කියන්නේ පුරාණ ග්‍රීසියේ දාර්ශනිකයන් පිරිසක් විසින් සොයාගන්න ලද වර්ථමානයට මනා ලෙස ගළපගත හැකි දර්ශනයක්‍

යැයි සිතේ.මේක ආරම්භ කරන්නේ Zeno නම් දාර්ශනිකයෙක්.ඔහුට මෙය ආරම්භ කරන්න මූලික හේතුව වෙන්නේ Zeno නැවකින් ඔහුගේ වෙළද කටයුතු සදහා සංචාරය කරමින් සිටින විට නැව අනතුරකට ලක්ව අත්‍යාවශ්‍ය සියලු දේ විනාශ විය.ඔහු මේ හේතුවෙන් ඇතෑන්ස් වලට යන ගමනේදි ඔහුට ක්‍රේට්ස් සහ ස්ටිල්පෝ නම් දාර්ශනිකයන් දෙදෙනා හමු විය.මෙයින් ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට හේතු විය.ඔහුට අනූව

“I made a prosperous voyage when I suffered shipwreck.”

එනම් Zeno ප්‍රකාශ කරන්නේ " මම නැව මුහුදුබත් උනාට පස්සේ සමෘද්ධිමත් ගමනක් ගියා" යනුවෙනි. මේකෙන් පැහැදිලි වෙන්නේ ඔහුට දාර්ශනික ගමන ඉතා වැදගත් වූ බවයි.ඔහු පළමුවෙන් සිනික්වාදීන් සමග එකතු උවද පසුව ඔහු තමාගේම දර්ශනයක් ආරම්භ කළේය.එය ස්ටොයිකවාදය ලෙස හදුන්වයි.

කෙසේ වෙතත් මේ දර්ශනය තුළින් වර්ථමාන සමාජයට මෙය ගළපාගත හැකි අවස්තා තිබෙනවා.මේ තුළින් පුද්ගලයකුට ජීවිතේ සාර්ථකත්වය කරා යෑමට සහා ජීවිතේ හොදින් ගත කිරීම සදහා අවස්තාව ලබා ගත හැක.ස්ටොයිකවාදය තුළ යහපත් ගුණාංග හතරක් විස්තර වෙනවා.


1/ ධෛර්යයවන්ත බව , නිර්භීත කම

සෑම ප්‍රශ්නයකටම මුහුණ දීමට ඇති හැකියාව නිර්භීත බව මෙයින් අදහස් වෙන්නේ.ගැටලුවක් ආ විට ප්‍රශ්නයක් පැමිණි විට ඔබ එයට මුහුණ දෙනවාද එයින් පැනයනවාද යන්න තීරණය කරන්නේ මෙයින්.ස්ටොයිකවාදීන්ට අනූව ඔබට පැමිණෙන සියලු කරදර ප්‍රශ්න ස්වාභාව ධර්මය විසින් ඔබට ලබා දුන් අභියෝගයි.මේවා කරදර ලෙස ගනන් නොගෙන සැබැවින්ම ඔබට ජීවිතේ ඉගෙනීමට ලැබෙන අවස්තා ලෙස සැලකිය යුතුයි.සෙනේකා පවසන්නේ කිසිදා කරදර බාධක වලට මුහුණ නොදුන් මිනිස්සුන් කිසි දිනක තමාගේ හැකියාවන් ශක්තීන් ගැන දැනගැනීමට අවස්තාවක් ලබාගෙන නොමැති බවයි.එම නිසා ඔබට බාධකයක් ආ විට එයින් පාඩමක් ඉගෙනීමට සහා එයට නිර්භීතව මුහුණ දීමට හැකියාවක් තිබිය යුතුයි.


2/ ඉවසීම

යමෙකුට නිර්භීත බව මෙන්ම ඉවසීමත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.නිර්භීත බව හේතුවෙන් යමෙක් යම් අවස්තාවක නොයිවසිලිමත්ව ක්‍රියා කිරීමෙන් ගැටලුව තවත් සංකීර්ණ විය හැක.එයින් වැළකීමට ඉවසීම ප්‍රගුණ කල යුතුය.මෙය ක්‍රියාවක් නොව පුරුද්දකි.ඔබ මෙය දිනෙන් දින පුහුණු කළ යුතුය.ඇරිස්ටෝටල් ප්‍රකාශ කරන්නේ

"Excellence is not an act, but a habit."

එනම් විශිෂ්ටත්වය ක්‍රියාවක් නොව පුරුද්දක් බවයි.

හරි වෙලාවේ හරිම ක්‍රියාව කිරීම හරිම තීරණය ගැනීමට ඉවසීම අවශ්‍යයි.


3/ යුක්තිය

ස්ටොයිකවාදීන් අනික් සියලු දේටම වඩා යුක්තියට ගරු කරයි.මෙයට ප්‍රධාන ගුණාංග දෙකක් අන්තර්ගත වේ එනම්,

කරුණාව සහ සාධාරණත්වයයි.මොවුන්ට අනූව තම සතුරෙකුට උවද මෛත්‍රී කල යුතුය උදව් කළ යුතුය.සහ සියලු දේ සාධාරණව සිදු කළ යුතු බව මෙම දර්ශනයෙන් පැහැදිලි කරනවා.


4/ ප්‍රඥාව

නිර්භීත බව, ඉවසීම , යුක්තිය මේ හැම දේම හරිම අවස්ථාවේ ක්‍රියාත්මක කිරීමට නිවැරදි තීරණය නිවැරදිම අවස්තාවේ ලබා ගැනීමට ප්‍රඥාව අවශ්‍යයි.එය දියුණු කිරීම අවශ්‍යයි. ( මෙය දියුණු කළ හැකි ක්‍රම වෙනම ලිපියකින් දක්වන්නම් )

මේ ලෙස ස්ටොයිකවාදීන් විසින් ජීවිතේට අත්‍යාවශ්‍ය ගුණාංග හතරක් විග්‍රහ කර ඇත.මෙය සර්වකාලීනව සියලුම දෙනාගේ ජීවිත වලට අවශ්‍යයි.කොතරම් තාක්ෂණය දියුණු උවත් මෙයට වඩා වැදගත් යමක් අද වනතුරුත් ඇතැයි කිව නොහැක.ඔබත් මේ ගුණාංග ඔබේ දිවියට එක් කරගන්න.



🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

Thursday, 15 July 2021

සමනල ආචරණය

ඔබ දන්නවද ඔබේ ඉතාම කුඩා සිදුවීමක් සමහරවිට ඔබ හිතන්නෙවත් නැති කුඩාම සිද්ධියක් ඔබේ මුලු අනාගතයම වෙනස් කරන්න පුලුවන් බව?ඔබට මම කතාවක් කියන්නම්.

එරික් , එරික් කියන්නේ කඩවසම් තරුණයෙක්.ඔහු දිනක් තමන්ගේ සුරතල් බල්ලා සමඟ ඇවිදින්න යනවා.මෙහෙම යන අතරමගදී හාවෙක් පැන්නා ඉස්සරහට.මේක දැකපු නෝවා ඒ කියන්නේ සුරතල් බල්ලා මේ හාවා පිටිපස්සේ පන්නන්න ගත්තා.එරික් නෝවා පසුපස දිව්වත් ඔහුට නෝවා මග හැරුනා.ඔහු නෝවා හෙව්වත් සොයා ගන්න නොහැකි උනා.ඔහු කණස්සල්ලෙන් ගෙදර ආවා.ඔහු දවස් ගානක් බලන් හිටියත් නෝවා ආවේ නෑ මේ නිසා ඔහු තීරණය කලා නෝවා හොයන්න දැන්වීමක් දාන්න.

මෙහෙම ඉද්දි දිනක් සුරූපී තරුණියක් නෝවා හොයන් ඇවිත් තිබුණා.ඇගේ නම වෙනේසා.මොවුන් හිතවත් උනා.දින ගෙවිලා යත්ම ආදරවන්තයින් උනා.එරික් හිතුවා නෝවා ටිකකට අතුරුදහන් වීම ඔහුට වාසනාව ගෙනාවා කියලා.

දවසක් එරික් ඇයව හමුවෙන්න ඔහුගේ කාරයෙන් පිටත් උනා.මේ යන අතරමඟ ඔහු අනතුරකට ලක් උනා.ඔහුව රෝහල් ගත කලා.ඔහු හිතුවා ඔහුට වෙනේසා හමු උන එක කොයි තරම් අවාසනාවක්ද කියලා.ඔහුට ඔහුගේ මොලය පරීක්ෂා කරන්න අවශ්‍ය බව වෛද්‍යතුමා පැවසුවා.ඔහු පරීක්ෂණයට ලක් උනා.ඊලග දවසේ ඔහුට ප්‍රතිපලත් රැගෙන වෛද්‍ය තුමා පැමිණියා.ඔහු නෝවාගෙන් ඇහුවා පළමුව ඔබට ඇසීමට අවශ්‍ය හොද ආරංචියද නරක ආරංචියද කියලා.එරික් පළවෙනියෙන් නරක ආරංචිය අහන්න කැමති බව කිව්වා.

වෛද්‍යතුමා  :- ඔබේ නරක ආරංචියටම එයත් සම්බන්ධයි

එරික් :- මට අපහැදිලි වෛද්‍යතුමනි

වෛද්‍යතුමා :- ඔබේ මොලයේ tumor එකක් තියෙනවා.ඒක තමා නරක ආරංචිය.හොද ආරංචිය තමා මේ tumor එක ඔයාගේ අනතුරේ ප්‍රතිඵලයක් නෙමෙයි.අනතුරෙන් ඔයාට කිසිම හානියක් නෑ.අනතුර නිස ඔයා පරීක්ෂණය කල නිසයි ඔබට මේක කලින්ම අදුන ගන්න පුලුවන් උනේ.දැන් අපිට මෙය කිසිම හානියකින් තොරව ඉවත් කරන්න පුලුවන්.

එරික් නැවත ඔහුගේ වාසනාව ගැන එනම් අනතුර සිදු වීමේ වාසනාව ගැන සිතුවා.ටික කාලයකින් සැත්කමකින් ඔහුව සම්පූර්ණයෙන්ම සුව කලා.ඔහුත් ඔහුගේ ආදරණීය වෙනේසාත් සතුටින් ජීවත් උනා.

මේ ආචරණය නෝවා ආචරණය (Nova effect) ලෙස හදුන්වනවා.එනම් ඉතාම කුඩා සිද්ධියකින් විශාල දෙයක් සිදුවිය හැකි බවයි.

මෙයම Butterfly effect නැතිනම් සමනල ආචරණය ලෙස විග්‍රහා වෙනවා.මෙය සොයා ගෙන තිබෙන්නේ එඩ්වඩ් ලෝරන්ස් නම් කාළගුණ විද්‍යාඥයෙක්.ඔහු ප්‍රකාශ කරන්නේ "බ්‍රසීලයේ සමනලයකුගේ තටු සැලීමක් ඇමරිකාවේ ටෝනාඩෝවක් ඇති කල හැකි බවයි".එනම් අප ගනනකවත් නොගන්නා ඉතා කුඩා සිද්ධියක් විශාල වෙනසක් සිදු කල හැකි බවයි.

මෙසේ හිතන්න ඔබ ඊයේ රාත්‍රියේ නිදිමරාගෙන ලස්සන චිත්‍රපටයක් බලලා ඔබට අවදි වෙන්න පරක්කු වෙනවා.මේ නිසා ඔබ හදිස්සියේ වැඩ ටික කරාගනිද්දි ගෙදර තිබුණු වටිනම භාණ්ඩයක් ඔබ අතින් බිදෙනවා.මෙයට ඔබ හොදටම බැනුම් අහලා රණ්ඩු කරලා ගෙදරින් කර්‍යයාලයට පිටත් වෙද්දි තවත් ටිකක් පරක්කු වෙනවා.මේ යන අතරමග ඔබ පාරේ යන විට අන්‍ය ජාතිකයෙක් ඔබේ ඇගේ හැපුනායැයි සිතන්න.දැන් ඔබට කේන්ති ගොස් ඔබ රණ්ඩුවක් පටන් ගන්නවා.මෙය තව ටිකක් දුර ගිහින් ඔබේ යහලුවන් සහ ඔහුගේ හෝ ඇගේ යහලුවන්ද මේකට එකතු වෙනවා.අවාසනාවකට මෙතනින් එක්කෝ ඔබේ පාර්ශ්වයේ හෝ අනික් පාර්ශවයේ කෙනෙක් දැඩි ලෙස තුවාල වෙනවා.දැන් මෙය රට පුරා ජාති වාදි අරගලයක් නිර්මාණය කරනවා.

හිතන්න ඔබ නිදිමරන් ඊයේ රාත්‍රියේ චිත්‍රපටය නොබැලුවානම් මෙය සිදුවේවිද?

මෙසේ ඔබ කරන කුඩා ක්‍රියාවක් උවද ඔබ නොහිතන එක වචනයක් උවද විශාල වෙනසක් කීරීමට හැකි.ඒ නිසා සියලු දේ ගැන කල්පනාකාරී වෙන්න අවබෝධයෙන් වැඩ කරන්න.


අවසන් කරන්නම් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් කිවූ දෙයකින්

ඇණය නැති නිසාවෙන් ලාඩමක් මදි විය 

ලාඩම මදි වීමෙන් අශ්වයෙක් මදි විය

අශ්වයා මදි වීම හේතුවෙන් සෙබලෙකු මදි විය

සෙබලෙකුගේ මදි කමින් යුද්ධය පරාද විය

යුද්ධය පරාද වීමෙන් රාජ්‍යය අහිමි විය

එනම් ඇණයක අඩු කම රාජ්‍යයක්ම අහිමි කිරීමට සමත් විය.


🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 


GIVE YOUR STRESS WINGS

STRESS FREE !!

With the outbreak of pandemic all of us were trapped to homes.Being in a one place without meeting friends neighbors , without going to other places is not easy at all.As humans are social beings we need to surround our selves with our loved ones.And enjoy the life.But due to the pandemic restrictions happened to our social lives.Additionally due to the Covid-19 it made us feel anxiety.With all these it made us feel stressful.

From this I expect to discuss some short term techniques which I use to relieve stress and psychology behind those simple but powerful techniques.If you love you can try too !

1) Being with the nature

Nature is the best stress reliever.If you can spend five ten minutes in the nature it can relieve the stress.The greenery vision will boost your mental health.According to biophilia theory , as humans we all have innate tendency to connect with nature.From ancient times we have tendency to be with nature.If you are in an urban place and no greenery vision to see it's okay. Just go outside in a stressful day and just look at the sky above you.See how clouds are moving, how birds are flying freely.How nicely stars are blinking , See the moon.Just observe the sky.You'll feel like your all troubles are taking away with clouds.Just don't think or pay attention to other things but just look at the sky.
I guarant that you'll feel super free.Because it is a meditation.
Try to spend even ten fifteen minutes with nature everyday.

2) Drawing

Drawing , coloring always relieve the stress.As stated in previous articles colors have powers.When you are working with colours it helps you to get out the current mood or it act as a catharsis to vomit out all the stressors , emotions.And also when drawing we pay our full attention to the art so it act as a meditation too.
From here it activate the child inside you.This will help to keep all your problems troubles aside for a while.

3) Petting

Having a pet is always a best feeling to have.Once you feel stressed just pet your dog or cat it would take your stress away.According to a study it has found that by petting cat or a dog it reduce the cortisol levels which is a stress hormone.

These are the best three ways I usually use to relieve stress.If you love to you can try these techniques.




Request :- If there are simple techniques you use don't hesitate to keep a comment.

🖊️ Sri Parami Rajapaksha 

Sunday, 11 July 2021

වල්පැලයක් නිසා අහිමි උන හීනය

ධනාත්මක බව ජීවිතය ලස්සන කරනවා වගේම ජීවිතේ වර්ණවත් කරන්න ධනාත්මක බව කියන්නේ පාට පෙට්ටියක්.එක ඍනාත්මක සිතුවිල්ලකට ඔයාගේ මුලු අරමුණු හැමදේම විනාශ කරන්න පුලුවන් වගේම එක ධනාත්මක සිතුවිල්ලකට පුලුවන් ඔයාව ලෝකේ උඩින්ම උස්සලා තියන්න.මම පුංචි කතාවක් කියන්නම්.

එක මනුස්සයෙකුට තිබුනා ලස්සන ගෙවත්තක්.ඔහු ඒ ගෙවත්තේ එක එක වගාවන් කරල තිබුන.එ ගෙවත්ත හරි ආදරෙන් බලගත්තා නඩත්තු කලා.එක දවසක හැන්දෑවේ මොහු ගෙවත්ත බලාගෙන යද්දි පොඩි වල්පැලෑටියක් තිබුනා.ඒ වෙලාවෙ කම්මැලි වූ ඔහු එක පැලෑටියනෙ තියෙන්නේ පස්සෙ උදුරලා දානවා කියලා හිතාගෙන ගියාලු.ඉන් පසු දින ඔහුට මාසයක චාරිකාවක් යන්න ලැබිලා ඔහු ගියාලු.පසුව ඔහු ඇවිත් ඔහු ගෙවත්ත බලන්න ගියාම ඔහු පසු තැවුනලු.ඒකට හේතුව මුලු ගෙවත්තම විනාස වෙලාලු අර වල් පැල හැමතැනම වැවිලා බෝග විනාස වෙලා ගිහින්ලු.

ඔබේ සිතට එන එක ඍණාත්මක සිතුවිල්ලත් මේ වගේ තමා.ඒ එක සිතුවිල්ලකට ඔබේ හැම හීනයක්ම විනාස කරලා දාන්න පුලුවන්.ඔබ ඔබේ සිතට එන ඍණාත්මක එක සිතුවිල්ලක් උනත් ඉක්මනටම උදුරලා දාන්න අමතක කරන්න එපා.මොකද ඒ සිතුවිල්ලත් හරියටම අර වල්පැලෑටිය වගේ ටිකින් ටික ඔබේ මුලු හීනයම බලාපොරොත්තුවම විනාස කරල ඔබේ හිත තුල අරක්ගනී.මම වගේම ඔබත් අහලා ඇති නරක දේ ඉක්මනට ව්‍යාප්ත වෙන බව ඒ නිසා ඍණාත්මක එක සිතුවිල්ලත් ඉක්මනටම හිතින් අයින් කරලා ඒ වෙනුවට ධනාත්මක දේ හිතට ගන්න.


🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

Interior design and Mental Health

The environment you lives in impact on the behavior , moods , emotions , personality as such things.Psychological subject area which studies how environment affect and how human behaviors impact on the environment is called Environmental Psychology.Eventhought this emerged in 1960s' this field of knowledge was used by ancient ancestors also.In different countries ,in different cultures they have used different ways to build buildings , build towns cities etc.

According to environmental psychology,  the environment where people belong into impacts on the way of behaving, making decisions, on the moods , emotions and simplyon the mental health of humans.Kurt Lewin was a German-American Psychologist who developed Field theory.

According to this theory behavior of a person is created or shaped by the person and the environment the person living in.

                                                    B=f (P,E)
            "Behavior is a function of a Person and his Environment "

Which means behaviors are shaped with the person's desires , needs, emotions ,wants ,personality attitudes as such things and the social environment ,physical environment ,natural environment he or she is interacting with.

Not only by this theory, but according to many other researches and findings it has found , environment where person lives in influence on that person.As discussed in previous article colour , light , space, object placement , nature all these alter human moods, emotions and many more things.

One instance is lighting directly affects on the circadian rhythm of a person.According to scientists and researchers day light consists of more blue light rays which is energetic and keeps mind awake.And in evening it consists of more red light which enhance the production of melatonin.Melatonin secretion facilitates the sleep.Because of that it feels drowsy at night and energetic in the day time and same mechanism appears to dim lights causing sleepy feeling or the drawsiness whereas bright light enhance the energy.

As accordingly these lightings alter the sleep wake cycle,moods, emotions and human behaviors Most imporantly these designing could influence on mental disorders as it directly affects on brain.As mentioned above not only lights but entire environment influence on a person.

However it would be very supportive if you have a well designed area to live.As home or the room is the place where we relieve our whole day stress, it's better to have a friendly healthy environment.


🖊️ Sri Parami Rajapaksha 

Thursday, 8 July 2021

ආත්ම විශ්වාසය සහා පැනසොනික්

තමන්ව විශ්වාස කරන්න.ඔබේ හැකියාවන් ඔබ විශ්වාස කරන්න.තව කෙනෙක් විශ්වාස නොකලත් ඒ විශ්වාසය කඩ නොකරන්න.දවසක ඔබව ජයග්‍රහණයට ගෙනයන්න ඔබට ඔබ ගැන තියෙන විශ්වාසය වැදගත්.ඒ වගෙම තමා ඔබේ ඉගෙනීම.කවදාවත් මොන හේතුවකටවත් ඔබේ ඉගෙනීම අතහරින්න එපා.ඒකට හොද කියමනක් තියෙනවා 

" Education is from womb to tomb".
ඒකේ තේරුම වෙන්නේ 
"අධ්‍යාපනය ඔබ පිළිසිද ගත් දවසේ ඉදන් සොහොනට යනකම්ම සිදු වෙන දෙයක්."

ඉතින් ඉගෙනීම අතහැරලා ඔබට යන්න පුලුවන් ගමන කෙටි.

එක්තරා ජපානයේ පුංචි ගමක දුප්පත් පවුලක් ජීවත් උනා.ඒතන පුංචි පිරිමි ළමයෙක් හිටියා.ඔහු අවුරුදු නවයෙදි පාසල් ගමන අතහැරියා.ඒකට හේතුව පවුලට ජීවත් වෙන්න මුදල් හොයන්න.ඔහු පුංචි කඩේක වැඩ කලා කාලයක්.

තවත් කාලෙකින් ඔහුට විදුලු බඩු සාප්පුවක සේවය කරන්න අවස්තාව හමු උනා.ඔහු මෙහේ සේවය කරන්න පටන් ගත්තාම මේ ගැන පොත පත කියවලා සහ විවිධ අත්හදා බැලීම් තුළින් ඉගෙන ගන්න පටන් ගත්තා.දවසක් ඔහු සොකට් එකක් නිර්මාණය කළා.මෙය තිබුණ සොකට් වලට වඩා දියුණු එකක්.ඔහු ආයතන ප්‍රධානියාට මෙය පෙන්නුවා.ඔහු කිව්වේ එය විකිණෙන දෙයක් නෙමෙයි කියලා.

ඒත් ඔහු දිගටම තමන්ගේ නිර්මාණය විශ්වාස කලා.ඔහු රසාව අතහැරියා.බිරිඳත් සමග තව සොකට් නිර්මාණය කර විකුණන්න උත්සහ කලා.ඔහුගේ හැම වටින භාණ්ඩයක්ම විකුණලා ඔහු ඒ නිර්මාණය විකුණන්න උත්සහ කළත් ඔහු අසමත් උනා.

ඔහු මෙය අතහරින්න තීරණය කලත් අහම්බෙන් ඔහුට ලොකු ඇනවුමක් ලැබුනා.ඔහු එය භාරගත්තා.මෙතනින් පටන් ගත්ත ගමන ඔහු නැවතුනේ ලෝකප්‍රසිද්ධ විදුලි භාණ්ඩ නිශ්පාදන ආයතනයකින්.

ඔහු Konosuke Matsushita , ලෝකප්‍රකට Panasonic ආයතනයේ නිර්මාතෘ.

ඔබට ඔබව විශ්වාසයිනම් ඔබ ඔබව ඉහළටම ගෙනයාවි.ඔබ ඉගෙනීම අත්නොහැරි කෙනෙක් නම් ඔබේ ගමන තවත් සාර්ථක වේවි.ඔබ උත්සහය අත්නොහැරි කෙනෙක්නම් ඔබ ජයග්‍රහයකයෙක් වේවි නිසැකවම.





🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

Tuesday, 6 July 2021

Psychology behind colours

Have you ever thought if colour can change your mood ? Did you ever notice colour of your room affect on your mood, emotions ?

Yes , Colours could manipulate you.



Though  some of these manipulations are depend upon the personal experiences, on your culture, there are some universal interpretations for colors.

How could some thing simple,  like colour alternate the behavior or emotions? Simply it's because of the brain functionality.
To understand how brains are affected by colours its important to understand how we see colours.

Colours have different wave lengths and energy levels.Suppose light is emitted on a particular object , some of the light is absorbed by the particular object and reflects the rest.That light wave is captured by the eye and enters into cornea.Then light is traveled through pupil to lens.Then to retina.In retina there are two different cell types called photoreceptor cells namely,
1. Rods
2. Cones

Rods are activated in dim light while cones are activated in bright light.These cones contain colour detecting molecules.From these cells it convert light into signals.

Then these signals are sent to visual cortex of the brain via optic nerve.Meanwhile signals through photoreceptors are sent to hypothalamus of the brain through retino hypothalamic tract.


Parts of the eye

Hypothalamus of the brain is a crucial brain part.It regulates many functions including secretion of hormones , regulating sleep, hunger, sexual behaviors, activities of Autonomic nervous system, thirst as such many functions are regulated under hypothalamus.

Hypothalamus 


Thereby with different wave lengths it impact on human moods, decisions , emotions , temperament in different ways.As stated above though there are universal conclusions about how colours impact ,it depends upon the factors such as personal experiences , culture , climate.

However it's important to have a general idea about colors and their impacts before using colours.

🖊️ Sri Parami Rajapaksha 











Sunday, 4 July 2021

සාර්ථකත්වය

මේ වචනය හැමෝටම හුරුපුරුදු වචනයක්.නමුත් විශ්වීය වශයෙන් නිර්වචනයක් දෙන්න බැරි වචනයක්.සාර්ථකත්වය සදහා එක් පොදු නිර්වචනයක් නිර්මාණය කරන්න නොහැකි වෙන්නේ ඒක එක් එක් පුද්ගලයාට පොදු වූ නැත්තම් අනන්‍යය වූ දෙයක් නිසා.ඔබට අනූව ඔබ දකින සාර්ථකත්වය තව කෙනෙක්ට අනූව වෙනස් වෙන්න පුලුවන්.මම යෝජනා කරනවා සාර්ථකත්වය යන්න ඔබ ඔබටම ආවේණික ඔබේම නිර්වචනයක් ගොඩ නගා ගන්න.

අපේ ජීවිතේ යම් තැනක අපි අපේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙනවා.ඒක මිනිස්සු උන අපි හැමෝටම පොදු කරුණක්.මෙතනදි ඔබට පුලුවන් ඔබටම ආවේණික සාර්ථකත්වයක් ගොඩ නගා ගන්න.ඒක එක්කො මිල මුදල් යාන වාහන එහෙම නැත්තම් ඔබ බොහෝ කාලයක් ආසාවෙන් බලන් හිටපු හිමාලය නැත්තම් එවරස්ට් තරණය එහෙමත් නැත්තම් ඔබ කාලයක් ගන්න බලන් හිටපු දෙයක් මිල දී ගැනීම වගේ ඕනම දෙයක් වෙන්න පුලුවන්.ඔබ් ඉස්සෙල්ලාම ඔබේ සාර්ථකත්වය විය යුත්තේ කුමක්ද යන්න ලියන්න.ඒක අදම ලියන්න පටන් ගන්න.

දෙවෙනියට ඔබ ඒ සාර්ථකත්වයට යන්න අනුගමනය කරන්න ඕන කෙටි කාලීන සහ දිගු කාලීන ඉලක්ක ලැයිස්තු ගත කරන්න.

දැන් ඒ එකින් එක සාර්ථක කරගන්න ක්‍රම ලියන්න.

දැන් ඔබ ඒ එකින් එක සාක්ෂාත් කරගන්න පටන් ගන්න.

ඔබ පළවෙනිම පියවර තබබු දවසේ ඉදන් ඔබ සාර්ථකයි.මම එහෙම කියන්නේ ඔබ දැන් ඔබේ ගමන යන්න පටන් ගෙන අවසන්.මොනම හේතුවක් නිසාවත් මග නවතින්න එපා.සමහරවිට විවේක ගන්න තැන් හමුවේවි.ඒ තැන් වල විවේක ගන්න නමුත් නවතින්න එපා.

මේ යන ගමනේ මතක තියාගන්න

ඔබ ඔබේ සාර්ථකත්වය ලගා කරගන්නේ ඔබේම කාලරාමුවක් තුළ ඒකට නිසි වයසක් නෑ.

අනික් අයව ඔබට සසදන එක නවත්තන්න.ඔබ ඔබව ඔබට සසදගන්න.

අනික් අයව පාගගෙන යන ගමනක් නෙමෙයි අනික් අයවත් එක්කන් යන ගමනක් වෙන්න ඕනේ.

හෙට ඉදන් නෙමෙයි අද ඉදන් පටන් ගන්න.

පස්සේ නෙමෙයි මේ දැන් ඉදන් පටන් ගන්න.




🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ

Saturday, 3 July 2021

Grab Your Opportunity

Once upon a time there was a village with very religious people, who do prayers everyday on their temple.One day they had a huge rain and flooding started.All the villagers ran for safe places to save their lives.But a little boy ran to the temple to inform the priest about flooding.


Boy :- Dear priest , with the rain it is flooding.Come with me to save your life.

Priest :- No child.You better go now.God will come to save me.

So the little boy left the priest.Little by little flood reached the temple and the priest got on top of a table.

Again a man with a boat came to rescue the priest but priest again refused to go with the man by telling the same story.Man also returned back.

Inch by inch water level rose.Priest climbed upto the roof.Once he climbed a helicopter came to rescue him.But again he refused with the same answer.So helicopter helped others.

After this priest started blaming god saying I did prayers , I followed your philosophy , I respected you very much.I did everything but you didn't help me.After hearing the blaming God appeared in front of the priest and said

" I first sent you a little boy, then a boat and lastly a helicopter.But what you did was you rejected all the chances and you didn't recognized me.I helped you but you didn't identify."

And God sent him to a safer place.

In your life you will meet with opportunities.But you may not recognize them or wait for a better opportunity which would never come.Grab your first opportunity.Start working on it you may get better opportunities through this opportunity.Don't ever reject the first good chance you meet.

Suppose you are waiting for a job.You may be called for an interview which you don't want to go.But take that opportunity first.That may be the best thing at the moment.You can get an experience from that.You will learn something.If you don't like it you can leave the job but first try it.Without even trying how could you know if it's good or bad?Just try it.

Don't blame anyone saying you don't help me.Just open your mind and see if you are getting help.Again ! Grab your opportunity without rejecting that may be the best.




🖊️ Sri Parami Rajapaksha 

Friday, 2 July 2021

ඔබේ ශක්තීන් අවධි කරන යතුරු

මේ ලෝකේ බහුතරයක් දෙනා ඔබ මම ඇතුලුව Heart break නැත්තම් දරුණු විදියේ හදවත් බිදීමකට මුහුණ දීලා ඇති.ඒ බිදීම නිසා කී දෙනෙක් අද වෙද්දී සාර්තක වෙලා තියෙනවද?එහෙම සාර්තක වෙන්න පුලුවන්ද ? මම කියනවා ඔව් පුලුවන් ඔබට මට මේ හැමෝටම දරුණුම හදවත් බිදීමක් ජීවිතේ කඩාගෙනම වැටුන සිදිධියක් ඇති අවස්තාවක් ඇති.ඒ බිදුනු තැනින් බිදුන හදවතින් ශක්තිය ගන්න තමා මම කියලා දෙන්න යන්නේ.

මේ පුංචි කතාවක්.Onkar Kishan Khullar මහතා ටික කාලෙකට කලින් Tedx එකකදී කිව්ව කතාවක්.අවුරුදු දහස් ගනනකට පෙර මිනිස්සු හැමෝම දෙවියන් වෙලා ඉදලා තියෙනවා මේ හිටපු කාලයේදී ඔවුන් ලග ලොකු බලයක් තිබිලා තියෙනවා නමුත් ඔවුන් ඒ බලය වැරදියට භාවිතා කරන්න පටන් අරන් තියෙනවා කාලයක් යද්දි අධිපති දෙවියා මේ ගැන දැනගෙන ඒ මිනිසුන්ගෙන් බලය ලබා ගෙන තියෙන්වා.ඔහු උපදේශක වරු තිදෙනෙක්ගෙන් අහනවා මම මේ බලය ශක්තිය කොහෙද හංගන්නේ කියලා.පලවෙනි උපදේශක වරය කියනවා පොලොව යට හංගන්න කියලා හැබැයි අධිපති දෙවියා කියනවා ඒක මිනිස්සු හොයාගනී කියලා.දෙවෙනියා කියනවා මුහුද යට හංගමු කියලා.ඒත් මිනිස්සුන්ට ඒක හොයගන්න ලේසි බව තේරෙනවා අවසානම උපදේශක වරයා කියනවා කදු මුදුනක මේ ශක්තිය හංගමු කියලා නමුත් මිනිස්සු කදු තරණය කරලා මේක හොයාගනී කියලා මේ දෙවියා කියනවා.අවසානයේ ඔහු තීරණයක් ගන්නවා ඒ බලය ශක්තිය මිනිස්සුන්ගේ හදවත් තුලම සගවන්න.හැබැයි මේ ශක්තිය ක්‍රියාත්මක කරන්න භාවිතා කරන්න යතුරු දෙකයි තියෙන්නේ,

1) ආදරය 

2) හදවත් බිදීම්

ඉතින් අද මම කියන්න හදන්නේ හදවත් බිදීමකින් ඔයාගේ ශක්තිය එලියට ගන්න විදිය.හදවත් බිදීමක් නැත්තම් heart break එකක් වෙන්න නම් එක්කෝ, ඔයා ආදරය කරන කෙනෙක් ඔයාව දාල යන්න ඕනේ,ඔයාට වංචාවක් කරල වෙන්න ඕනේ,නැත්තම් දරුණු පරාජයක් වෙන්න ඕනේ ඔයාගේ ජීවිතේ එහෙමත් නැත්තම් ඔයා තනි වෙලා වටේ ඉන්න හැමෝම ඔයාව කොන් කරලා වෙන්න ඕනේ.මේ කොයි දේ උනත් ඕනම කෙනෙක් බිද වැටෙනවා,මානසිකව ආතතියකට විශාදය තත්ත්වයකට පත් වෙන්නත් පුලුවන්.මේ තමා ඔයාගේ ශක්තිය ඔය කඩාවැටීමම තමා ඔයාගේ බලය.මේ බලය ශක්තිය පවිච්චි කරලා ඔයාට පුලුවන් ඔයාට මෙච්චර කාලයක් බැරි උන හැබැයි හීනයක් උන දේකට ලගා වෙන්න.ඔබ ඇතුලේ මේ වැටීම් නිසා තුවාල උන හදවතක් තියෙන්නේ ඒ වේදනාව ඔබට පුලුවන් එලියට ගේන්න ඒ ඔබේ ශක්තියක් විදියට.කලාකරුවෙක් නම් ඔබේ කලාකෘතියක් තුළින් , ඔබ ශිෂ්‍යයෙක් නම් ඔබේ අධ්‍යාපනය තුළින් මේ ශක්තිය එලියට ගෙන්න අවසානයේ මනසට සැහැල්ලුවක් දැනෙයි ඔබ සාර්තක පුද්ගලයෙක් වෙලා ඉදී.

ඔබ ඔබටම ආදරය කරන්න පටන් ගන්න හොදම වෙලාව තමා ඒ.ඔබ ඔබව සතුටු කරන්න පටන් ගන්න.ඔබේ හීන වලට පන පොවන්න ඒ ශක්තිය පවිච්චි කරන්න.මතක අමතක වෙනකම් දුක තුනී වෙනකම් මහන්සි වෙන්න ඔබේ හීනයට යන්න.ඔබටත් නොදැනිම ඔබේ සාර්තකත්වය ඔබ ඉස්සරහ ගොඩ නැගෙයි.මනසින් කඩන් වැටෙන හැම මොහොතකම මහන්සි වෙන්න ඔබේ හීන වලට ඔබේ නිර්මාණශීලිත්වයෙන් ඔබේ වේදනාව එලියට දෙන්න.ඔබේ වේදනාව තුළින් ඔබව ගොඩ නගන්න.ඔබට බැරි නැහැ ඔබට පුලුවන්.

අවසානයේ ලෝකයම දන්න Will Smith කලාකරුවාගේ විශිෂ්ටත්වයට හේතුව මම ඔබට කියන්නම්.එයට හේතුව අභිප්‍රේරණය වෙන කිසිවක්ම නෙමෙයි අවුරුදු 15 ඔහු මුහුණ දුන් විරහවයි ඔහුගේ පෙම්වතිය ඔහුව රැවැට්ටීමයි.

ඔබත් ඔබේ බිදවැටීම් හදවත් බිදීම් ශක්තියක් කරගන්න දවසක ලෝකයම බබලන තාරකාවක් වෙන්න.


🖊️ ශ්‍රී පාරමි රාජපක්ෂ 


Thursday, 1 July 2021

Factors for a successful marriage

 Simply marriage can be defined as union of two people or legal contract between two people to share their lives till end. When it comes to formal definition ,

H.M.Johnson defined marriage as “a stable relationship in which a man and woman are socially permitted without loss of standing in community to have children”.

Lowie defined “marriage is a relatively permanent bond between permissible mates”.

Anyway the definition for marriage changes according to culture, religion. When it considering about Sri Lanka as it’s a collectivistic culture marriage plays an important role in Sri Lankans lives. Each and every person in Sri Lanka belongs to a certain group and when they make decisions they consider thoughts of others members of the society which they belongs to as well. Further interests of the other family members are to be considered before those of an individual. Which means under Sri Lankan context family relationships are given a prominent place and stability of the marriage is highly appreciated. It’s important to consider the key points which keeps a long lasting good relationship in a marriage. In here it’s expected to elaborate five facts which is needed for good marital relationship.

1.     According to psychiatrist George Blair West the older you are getting married lowers the divorce rate. But it’s not too old neither too young. According to research done by sociologist Nick Wolfinger it suggest that between ages 28 to 32 years are better for getting hitched. As psychiatrist George explains this is because when they get old they have fulfilled tertiary education and have earned higher income. As well another interesting fact is that neuroscientists explains that until age 25 year one’s prefrontal cortex develops. When it considering about the functions of prefrontal cortex , regulating emotions, coordinating and adjusting behaviors, planning for the future , contribution for decision making and so on. Thereby once prefrontal cortex is developed it’s better to make decisions. As well according to him personality changes but by 30 personality traits more likely to be stable. According to Harvard psychologists William James “in most of us , by the age of thirty the character has set like plaster , and will never soften again”. Which means the personality has fully formed by age of 30.There by with all these facts marriage happening in between age 28 to 32 is more stable and lower the divorce rate.

2. Above fact explains “prevention before the cure”. By this point it’s expected to describe how to maintain a good marital life. Most important fact is TRUST. Relationship experts John and Julie Gottman have stated qualities related to trust and trustworthiness are the most prominent factors which needs to continue a good relationship. Describing the fact trust, Brenés Brown a researcher and educator have broken down the concept of trust into specific qualities and behaviors

                        i.      Boundaries – Partner should know each other’s boundaries and respect each other.

                        ii.      Reliability

                        iii.      Accountability

                        iv.      Vault – Respecting others story and not sharing others stories which are not to be shared. Simply it’s about do the partner acknowledge confidentiality.

                         v.      Integrity

                         vi.      Non-judgmental

                         vii.      Generosity

Trust is really important part of the relationship. That makes the bond strong and they feel free in their relationship.

3. Third important factor in marriage is COMMUNICATION. Communicating with the partner effectively enhance the bond in a relationship. Appreciating your spouse with nice words, if your partner do something that bothers you it’s better to say it to your partner. This should be done in a warm and in a friendly, tactful manner. As well not only verbal communication non-verbal communication is really important. Thereby be aware of the body language, facial expressions. Additionally it’s important to remember the language use, expressions using and body languages using should be warm, calm and friendly. Most significantly listening to your partner, showing empathy , understanding and being non-judgmental  tightens the bond between married couple. Be honest, be genuine and authentic.

4.  MAKE LIFE DREAMS COME TRUE. As described by Gottman this is a fact which tightens the bond of partners. It’s essential to know each other’s dreams and understand why their dreams are important, supporting them to achieve their dreams, encouraging the partner to go for their target are the ways to make their dreams come true.

5.  Last but not least mutual RESPECT is very significant in a successful marriage. When making decisions respect to partners thoughts, don’t underestimate partner, don’t underestimate his or her values, every person has a dark side and a bright side. Keep that in mind. Praise the partner, apologize when it’s needed.

These facts will make a successful and happy marriage. Other than these factors love , sexual faithfulness , commitment also needed in a successful happy marriage.

🖋️ Sri Parami Rajapaksha

හීන ජයගන්නා පාර

සමහර වෙලාවට සමහර හීන හැබෑ වෙන්න බොහෝ කාලයක් යන්වා.සමහරවිට ජීවිතේ හැම කෙනාටම පොදු කාලරාමුවක් යටතේ හැඩගැහෙන්නේ නැති වෙන්න පුලුවන්.ඔබ ජීවත් වෙන්න ඕනේ ඔබටම අයිති උන කාලරාමුවක් යටතේ ඒ කාල රාමුව තව කෙනෙක්ගේ කාල රාමුවකට වඩා වෙනස් වෙන්න පුලුවන්.ඒ වගේම ඔබ හැබෑ කරගන්න ඕනේ  ඔබේ හීන ඒ හීන අනික් අයගේ හීන වලට වඩා වෙනස් වෙන්න පුලුවන්.සමහරු හිනා වෙයි ඔබම ප්‍රතික්ෂේප වෙන්නත් ඉඩ තියන්වා ඒත් ඒ ප්‍රතික්ෂේප වීම් අපහස කිරීම් හිනා වීම් හැමදේම මැදින් ඔබ ඔබේ ගමන යන්න දවසක ඔබව ප්‍රතික්ෂේප කරපු අයම ඔබට හිනා උන අපහස කරපු අයම ඔබව අගය කරාවී ඔබව ආදර්ශයට ගනීවී.මේ කියන්න යන කතාවේ කතා නායකයාටත් එහෙම ප්‍රතික්ෂේප වීම් තිබුනා සමහරවිට සමහරු හිනා වෙන්නත් ඇති නමුත් අද වෙද්දි ඔහු ඔහුගේ හීනය ඉටු කරගෙන හමාරයි.මුලු ලංකාවම දැනගෙන ඉවරයි ඔහුව.

ඔහු නමින් අනූජ් පූජිත ගුණවර්ධන.ඔහුගේ ගම් ප්‍රදේශය වෙන්නේ අම්පාර.ඔහු අම්පාර ගමිණී විදුහලෙන් 11 වසර දක්වා අධ්‍යාපනය හදාරා උසස් පෙල සදහා කොළොඹ අශෝක විද්‍යාලයට ඇතුළත් විය.උසස් පෙළ අවසන් කල ඔහු ඊළගට යොමු වෙන්නේ ඔහුට කුඩා කල සිට තිබූ සිහිනය සැබෑ කරගැනීමටයි.ඒ නම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදීමටයි.නමුත් ඔහුගේ බර සහ පපුවේ ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔහුව ප්‍රතික්ෂේප විය.ඔහු දෙවෙනි වතාවටත් උත්සහ කරනවා.එතනදී ඔහුට කියනවා
"මේකට ඔයාව ගන්න බැහැ.ඔයා කලින් වතාවෙත් ආවා නේද.ආයේ එද්දි කාල බීල ඇග හදාගෙන එන්න."මෙතනදී ඔහු යම් තාක් දුරට කඩා වැටුනද නැවත ඔහු කාටත් හොරා CID යට අයදුම් කලේ ඔහුගේ සිහිනය අත් නොහැරිය නිසාමයි.නමුත් ඔහු ඒ වතාවේද ප්‍රතික්ෂේප වෙන්නේ ඔහුට දුකක් ඉතිරි කරමිනුයි.ඔහු ඉන් පසු මැද පෙරදිගට යනවා.එහිදී ඔහුගේ මිතුරෙක් ඇමරිකාවේ ග්‍රීන් කාඩ් එකට ඔහු වෙනුවෙන් අයදුම් කරන්වා.ඔහු ඇමරිකාවට යනවා එහි එක් අවස්තාවක ඇමරිකානු හමුදාවේ බදවා ගැනීම් වලට නිළධාරීන් පැමිණෙනවා.ඔහුව දැකල නිළධාරියෙක් අහනවා ඔබට හමුදාවට බැදෙන්න ආසා නැත්ද කියලා දෙවරක් නොසිතාම ඔහු ඔව් කියන්නේ ඔහුගෙ හීනය එදත් ජීවත් උන නිසාමයි.ඔහු කියනවා අවුරුදු 30ක් වෙද්දි වෙන අයට තියෙන හීනය ගෙයක් දොරක් හදාගෙන කසාදයක් බැදල ළමයෙක් හදන් ජීවත් වෙන්න නමුත් මට ඊට වඩා හීනයක් තිබ්බ බව ඔහු කියනවා.අද ඔහු ඔහුගේ හීනය සැබෑ කරගෙන.අද වන විට ප්‍රබලම ප්‍රහාරක යානාවක් වන අපාචි AH  64 D/E හී කාර්මික ශිල්පියෙක්.

ඔහු මේ ගමන යන්න ප්‍රධානම පෙළඹ වීම තමා සිහිනය අත් නොහැරීම තමන්ගේම කාල රාමුවක ජීවත් වීම.ඔබත් ඔබේම කාල රාමුවක හීන මවන්න ඒ හීන වලට පණ දෙන්න දවසක ඔබත් ජය ගන්නවා සත්තමයි.සමාජයට වට පිටාවට ඔබේ හීන හසුරුවන්න දෙන්න එපා ඔබම ඔබේ ජීවන නියමුවා වෙන්න ඔබ ඔබව ඔබේ හීන වලට ඔබේ කාලරාමුව තුළ රැගෙන යන්න.දවසක ඔබ ඔබවම ජය ගන්නවා නිසැකයි.





🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ