Followers

Monday, 22 May 2023

භාවනාව (Meditation)

භාවනාවක් නම් සිත නිවන , සිත පහන් කරවන ක්‍රියාවකි. බොහෝ දෙනා මෙය බෞද්ධ දර්ශනානුකූල ක්‍රියාවක් ලෙස සිතුවද එය එසේ නොවන බව පර්‍යේෂණ සහ ගවේෂණ කියවා බැලු විට පෙනි යයි. සිත එක තැනක රදවා ගැනීමට නැත්තම් මනස පිළිබඳව මනා සිහියක් කල්පනාවක් තිබීම තුළින් භාවනාව කළ හැකිය. මෙයින් විශාල වෙනසක් නැත්තම් සුබවාදී වෙනසක් ඔබ තුළ දැක ගත හැකි වේ. මෙසේ භාවනා කිරීම තුළින් ලැබෙන වාසි පෙළගැස්විය හැක. 


1.  මානසික ඒකාග්‍රතාවය, අවධානය තබා ගැනීමේ හැකියාව.

මොඅලයේ ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වයේ වෙනසක් සොදු කරමින් මෙය සිදු වේ. 


2. මොළය වයසට යාමේ වේගය පාලනය කරයි.

Frontier Psychology Journal හි සඳහන් කර ඇති පර්‍යේෂණ ප්‍රතිපලයකට අනූව සඳහන් කර ඇත්තේ භාවනා කරන පුද්ගලයින්ගේ වයසට සමගාමීව ධූසර පදාර්ථ (Gray Matter) අඩු වී යාම අඩු වන බව සොයා ගෙන ඇත. 


3. භාවනාව මොලයේ ව්‍යුහය වෙනස් වීමට බලපායි

පර්‍යේෂණ වලින් සොයා ගෙන ඇති අන්දමට භාවනා කිරීමේදි හිපොකැම්පසයේ (hippocampus) බාහිකයේ ඝනකම වැඩිවන බව සොයා ගෙන ඇත . මෙසේ සිදු වීමේදි මතකය සම්බන්ධ ගැටලු අවම වීම, හැඟීම් (චිත්තවේග /emotions ) පාලනය කිරීමට මනාව හැකි වීම , ඉගෙනීම වැනි පැතිකඩයක් සඳහ විශාල ලෙස උපකාරි වේ. එසේම ඇමිග්ඩලා (amygdala)ආශ්‍රිත සිදුවන යම් වෙනස්කම් හේතුවෙන් බිය, ආතතිය, කාංසාව වැනි හැඟීම් පාලනය වේ. 


4. ආතතිය අවම වේ.

2019 ශිෂ්‍යයන් යොදා ගෙන එක්තරා ගවේෂණයක ප්‍රතිපල ලෙස සොයාගෙන ඇත්තේ විභාගයට සති හයකට පෙර භාවනාව සහ යෝගා පුහුණු කල සිසුන්ගේ විභාගය වෙනුවෙන් ඇති වෙන ආතතිය සහ කාංසාව අඩු වී ඇති බව සොයා ගෙන ඇත. 


5. තමන්ට තමා පිළිබඳවම මනා අවබෝධයක් ලැබීම.

තම සිතට එන සිතුවිලි පිළිබඳව තමාගේ හැඟීම් පිළිබඳව වැනි තමා පිළිබඳව යම් වේලාවක් ඒකාග්‍රතාවය මත අවබෝධයක් ඇති වේ. තමා පිළිබඳව අවබෝධයක් තිබීම තුළින් මනා මානසික , සමාජීය සෞඛ්‍යයක් තබා ගත හැකි වේ. 


මෙලෙස භාවනාව හේතුවෙන් බොහෝ වාසි සහ යහපත් දෑ සිදු වේ. ඉහත සඳහන් වී ඇත්තේ කිහිපයකි. එසේනම් භාවනා කළ යුත්තේ කෙසේද? එක් එක් තැන්හි එක් එක් භාවනා ක්‍රම ලෝකයේ භාවිතා වේ. ඒ අතරින් මෙම ලිපියෙහි සඳහන්ව ඇත්තේ ආරම්භක භාවනා කරන අයෙක්ට කළ හැකි සහ ලෙහෙසියෙන් කළ හැකි භාවනා ක්‍රමයකි. 


1. හොදින් ලිහිල් වීමට හා පහසු ස්තානයක් තෝරා ගන්න.

2. නිසි ලෙස පුටුවක හෝ ඔබට පහසු ස්තානයක වාඩි වන්න.

3.හිමින් දෑස් වසාගන්න.

4. ඔබගේ හුස්ම ඉහළ පහළ යන දෙස අවධානය යොදවන්න. 


** ඔබට මේ සඳහා අවශ්‍යනම් සුදුසු සංගීතයක් යොදා ගත හැකි වේ.

** පළමු අවස්තාවේදි ලොකූ කාලවේලාවක් භාවනා නොකර කෙටි වේලාවකට ( ඔබට මහන්සි දැනෙන තෙක්) සීමා කරන්න.

** මෙසේ අවදානය හුස්මට තබා සිටියදි මනස වෙනතකට යාම සාමාන්‍ය දෙයකි. මෙයට හේතුව ඔබ තවමත් නොපුහුණු නිසාවෙනි. මෙසේ මනස වෙනතකට ඇදී ගිය බව තේතුම් ගැනීම මනා සිහිය වේ.එසේ දැනුනු විට නැවත මනස හුස්ම වෙත යොමු කරන්න. මෙය දිනෙන් දින පුහුණු කරන විට ඔබේ මනස වෙනදාට වඩා වැඩි වේලාවක් ආකාග්‍රතාවයේ රදවා ගත හැකි බව ඔබට අවබෝධ වේ.

** මෙසේ මනස රදවා ගැනීමට ඔබට හුස්ම ගනන් කළ හැක. 

** ඔබට හුස්මට අවදානය දීම අපහසුනම් ඔබට අවධානය එක තැනක රදවා ගත හැකි ඕනෑම යමක් භාවිතා කළ හැක. 

භාවනාවට පසුව ඔබ කැමති ලෙස සාදා ගත් දින පොතක ඔබට භාවනාවේදි දැනුනු දේ, අපහසුතා, ඔබ කැමති දේ අකමැති දේ සඳහන් කරන්න. යම් දිනක ඔබට භාවනාව මඟ හැරුන දිනක එයට හේතුද සඳහන් කරන්න. 

මෙය ඔබ ඔබේ කැමැත්තෙන් අත්හදා බැලිය යුතු දෙයකි. 


®️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

Lecturer in Psychology 

Counsellor 

Stress

𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐒𝐭𝐫𝐞𝐬𝐬? Stress is our body's natural reaction to challenges or demands. It's like an alarm system that kicks in ...