පාඩම් මතක හිටින්න පාඩම් කරන්න ඕනේ කොහොමද ? මේ හුගක් වෙලාවට තියෙන ලොකු ගැටලුවක්.මේකෙන් කතා කරන්න උත්සහ කරන්නේ එහෙම මතක හිටින්න පාඩම් කරන්න , කරන්න පුලුවන් දේවල් කිහිපයක්.
1. සුදුසුම තැන : ඔබට පහසු ඔබ කැමති තැනක් තෝරගන්න.මෙතනදි ඔබ කැමති තැන ඔබට ආස හිතෙන විදියට හදාගන්න.ඉන්න ආස හිතෙන විදියට ඒ තැන හදාගන්න එක තමා වැදගත්ම.ඒකට හේතුව වෙන්නේ ඔබට මේ තැන යම් වේලාවක් රැදී ඉන්න වෙනවා පාඩම් කරන්න.එහෙම උනාම ඔබ කැමති තැනක් පහසු තැනක් උනාම ඔබට රැදී ඉන්න හිතෙනවා.
2. අනවශ්‍ය දේ අයින් කරන්න : ඒ කියන්නෙ ඔබට පරිඝනකයක් තියෙනවානම් ඔබේ ජංගම දුරකථනයේ තියෙන හැම සටහනක්ම පාඩම් කරන්න අවශ්‍ය හැම දෙයක්ම පරිඝනකයට දාන්න.ෆෝන් එක එතනට ගෙනියන්න එපා. ( ෆෝන් එකක් නම් තියෙන්නේ නෝට් වෙන දාන්න පරිඝනකයක් නැත්තම් එයා ප්ලේන් මෝඩ් දාගන්න.හිතට තදින්ම කියන්න මම ෆෝන් එක ඔන් කරන්නේ පාඩම් කරලා ඉවර කලාම කියන එක ) ඒ වගේම ඒ විශයට අවශ්‍ය පොත් පමණක් ලග තියාගෙන අනික් හැම පොතක්ම සටහනක්ම එතනින් ඉවත් කරන්න.ඒ වගේම ඒ පාඩමට අවශ්‍ය පෑන් පැන්සල් ඒ දේවල් ලග තියාගෙන අනික් හැම දේම එතනින් අයින් කරන්න.මේ දේ ඔබේ මනස සංසුන් කරන්න හේතු වෙනවා.
3. දවසේ වැඩ පෙළගස්වන්න : කලින් දවසේ රාත්‍රියේ එහෙම නැත්තම් අදාළ දවසේ අවදි උන ගමන් මේ දවසේ ඉවර කල යුතු පාඩම් කොටස් ලියන්න.මේකේදි ලොකු ලිස්ට් එකක් නොහදා පොඩි සංඛ්‍යාවක් ලියන්න.ඔබට අද දවසේ ඉවර කරන්න පුලුවන් කියල හිතෙන ප්‍රමාණයක් විතරක් ලියන්න.එක දෙක තුන විදියට පහලට ලියාගන්න.හැකිනම් කාල වෙන් කරන්න හැම වැඩේටම.ඒ වැඩේ ඉවර උනාම ඒක ලිස්ට් එකෙන් කපා ඉවත් කරන්න.වැඩ හැම දේම කලාම ඔබට ලොකු තෘප්තියක් දැනෙයි.
4. ආස හිතෙන දෙයින් පටන් ගන්න : ඔබට ආස හිතෙන පාඩමින් , විශයෙන් දවස පටන් ගන්න.හැමදාම එකම දේ කරන්න අපහසුයි ඒ නිසා ඔබ කැමති විශයන් නැත්නම් පාඩම් හැම දවසකටම යොදා ගන්න.උදාහරණයක් ගත්තොත් ඔබේ ආසම විශය ගණිතයනම් හැම දාම ඉස්සේල්ලාම ගණන් හදලා වැඩ පටන් ගන්න.
5. බ්‍රේක්ස් : ඔබට කොයි තරම් වෙලා එකතැන ඉන්න පුලුවන්ද කියලා හිතන්න.ඒ වෙලාවෙන් පස්සේ එතනින් ඉවත් වෙන්න විනාඩි 5 සුලු විවේකයක් අරන් ආපහු එතනටම එන්න.මම පෞද්ගලිකව යෝජනා කරනවා උපරිම විනාඩි 45 ක් රැදෙන්න ඊට පසු විනාඩි 5 10 විවේකයක් ගන්න.මේ විවේකය ගන්න කිසිම මොහොතක එතන රැදී ඉන්න එපා එතනින් ඉවත් වෙන්න.මේ පුංචි බ්‍රේක්ස් අතර එක වෙලාවක හරි පරිසරය විදින්න , සිංදුවක් දෙකක් රස විදින්න , ගෙදර අය එක්ක පොඩි මනස සැහැල්ලු වෙන විදියට කතා කරන්න , සුරතලෙක් ඉන්නවනම් සුරතල් කරන්න.මේ බ්‍රේක් එකේ පාඩම් ගැනනම් හිතන්නවත් එපා.ෆෝන් එකත් භාවිතා නොකර ඉන්නවනම් හොදයි.
ඔබ මුලින්ම පුංචි කාලයක් පාඩම් කරන්න ටිකෙන් ටික කාලය වැඩි කරන්න.
6. ඉවත් වෙන්න : ඔබ කොයි තරම් වෙලා රැදී ඉන්න උත්සහ කලත් හිත එක තැනකට ගන්නම බැරි නම් එතනින් නැගිටලා යන්න.මනස නිදහස් උනාම ආයෙම යන්න.වෙලාවක් තියාගත්තට සමහර දවසට ඔබට එක දිගට කරන්නම බෑ හිතෙන්න පුලුවන් එහෙම උනාම එතනින් ඉවත් වෙන්න.
7. ආසාව : ඔබ පාඩම් කියවන්න කලින් ඒ ගැන ආසාවක් ඇති කරගන්න.ඔබට දැන් පුලුවන් youtube එකේ ඒ පාඩමේ දේවල් කලින් අහන්න ආස හිතෙන විදියට ඔලුවට දාගන්න.පොඩ්කාස්ට් වලට ඇහුම් කන් දෙන්න.මේකෙන් කලින් ඔබට මේ පාඩම් ගැන ආසාවක් උනන්දුවක් ඇති කරගන්න පුලුවන්.
8. හිත පුහුණු කරන්න : මේකෙදි වෙන්නේ හිත එක තැන තියාගන්න පුහුණු කරන එක.භාවනා කරන්න පුලුවන් , සිංදු අහන්න පුලුවන්.සිංදු අහද්දි ඒ සිංදුවේ පද නැත්තම් සංගීතය අහන් ඉන්න පුරුදු වෙන්න.සිංදු අහන ගමන් චැට් කරන්න ෆෝන් බලන්න එපා සිංදුව අහන්න.කා එක්ක හරි කතා කරන්න.එහෙම කතා කරද්දි කතා කරන එක කරන්න වෙන වැඩ කරන්න එපා.මෙහෙම එදිනෙදා වැඩ වලදි ඒ වැඩේට අවධානය දෙන්න පුරුදු වෙන්න.හිත පුහුණු වෙයි ඒ යමකට අවධානය තියාගන්න.
🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ

No comments:
Post a Comment