Followers

Saturday, 18 December 2021

ඔබව පාලනය කරන සිතුවිලි

ඔබ ගෙවන ජීවිත කාලය තුළදී තණ්හාව ක්‍රෝධය වෛරය ද්වේශය වැනි හිත දුෂ්‍ය වන කාරණා එසේම ඔබගේ සතුට අහිමි කරවන කාරණා සිත තුල ඇති විය හැක. ඔබ මම අපි සාමාන්‍ය මිනිසුන් ලෙස එවැනි දේ සිත තුළ ඇති වීම සාමාන්‍ය වේ. නමුත් එසේ සිතුවිල්ලක් හටගත් පසුව ඒ සිතිවිල්ල විලෝපිකයෙක් ලෙස මුලු සිතම කා දමයි නම් සිත වෙනස් කොට හැසිරීම් කතා බහ පවා වෙනස් කරයි නම් එවැනි අවස්තා භයානක වේ. සිතුවිල්ල විසින් ඔබ පාලනය කරයි නම් එය හිතකර නොවේ. 


දිනක් සංඝයා වහන්සේ තුන් නමක් වඩින විට ඈතින් ගවයකු නැවත ගාලට ගෙන යාමට කඹයෙන් අදින මිනිසකු දුටුවෝය. ඒ මිනිසා ගවයා ගැටගසාසිටි කඹයෙන් කොතරම් ඇද්දද ගවයා අඩියක්වත් නොසොල්වයි.

මෙය දුටු නායක ස්වාමීන් වහන්සේ ගෝල හාමුදුරුවන්ට කියා සිටියේ එම මිනිසා සහ ගවයා සිටින ස්ථානයට ගොස් සිටගන්නා ලෙසයි. උන් වහන්සේලාද එලෙසම සිදු කරන ලදි. ඉන්පසු උන්වහන්සේ ප්‍රශ්න දෙකක් විමසුවේය.

1) ඔබ හිතන්නේ මේ මිනිසාද ගවයාගේ ස්වාමියා?
2) ඔබ හිතන්නේ මේ ගවයාද මිනිසාගේ ස්වාමියා?

ස්වාමිනී මිනිසානේ ගවයාගේ ස්වාමියා එය පැහැදිලිනේ.

ඇයි එසේ පවසන්නේ?

ස්වාමීනි මිනිසානේ ගවයාව ඇද බැද තබා ගෙන තිබෙන්නේ.

නායක ස්වාමීන් වහන්සේ කතුරක් ගෙන කඹය කපන ලදි. එවිට ගවයා නිදහසේ දුවන්නට විය. මිනිසාද ගවයා පිටුපස දුවන ලදි.

නැවත ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය විමසුවේය. දැන් ගවයාද මිනිසාද පාලකයා?

ගවයා ස්වාමීන් වහන්ස.

ඔබගේ සිතුවිලිද මේ හා සමාන වේ. බලෙන් ඇද බැද තබා ගන්නා ගවයකු මෙන් ඔබත් ඇතැම් විට ඔබේ සිතුවිලි ඇද බැද තබා ගනී. මෙයින් ඔබේ සිතේ නිදහස අහිමි වී ඔබව වඩා පීඩාවට පත් කරයි. ඔබේ සෘණාත්මක සිතුවිලි, අයහපත් සිතුවිලි ඔබේ මනස තව තවත් පීඩාවට පත් කරයි. මෙයින් ඔබට අයහපතක් මිස යහපතක් සිදු නොවේ.

දවස අවසානයේ ඔබේ සියලුම සිතුවිලි සිතින් ඉවත් කොට මනස සැහැල්ලු කරන්න. සිතුවිලි වලට නිදහසේ පාවෙන්න ඉඩ හරින්න. සිතුවිලි පසු පස ලුහුබැද ඇදබැද තබා නොගන්න. නිදහසේ පාවෙන්න. සැහැල්ලු වළාකුලක් වන්න. නිදහස විදින්න.




🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
MPhil in Psychology (Reading)
BA (Hons) in Psychology
N.Dip in Counselling
Visiting Lecturer 

No comments:

Post a Comment

Stress

𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐒𝐭𝐫𝐞𝐬𝐬? Stress is our body's natural reaction to challenges or demands. It's like an alarm system that kicks in ...