Followers

Friday, 17 September 2021

පාඩම් කරන්න ලේසි ක්‍රමයක්

බොහෝ දෙනෙක්ට ඇති ගැටලුවක් නම් කොතරම් පාඩම් කළද මතක තබා ගැනීමට අපහසු වීමයි. මේ ලිපිය එසේ මතකයෙ තබා ගැනීමට අපහසු ඔබ වෙනුවෙන් මා භාවිතා කළ ක්‍රමයකි. 

1) නිදහස් / ඔබ කැමති ස්ථානයක් තෝරා ගන්න. නිතරම පාඩම් කරන තැනින් ඉවත්ව වෙනත් නිදහස් ස්ථානයකට යන්න. 

2) පාඩමට අදාළ පොත්/ tute, කොලයක් , පෑනක් හෝ පැන්සලක්, හයිලයිටර් එකක් පමණක් රැගෙන යන්න. 

3) පොඩි වෙලාවක් හිත නිදහස් කරගන්න.මෙයට පොඩි වෙලාවක් භාවනාවක් කරන්න, සිංදුවක් අහන්න, ඔයාගේ හිත නිදහස් කරගන්න පොඩි විනාඩි 5ක දෙයක් කරන්න. 

4) දැන් පාඩම ඔබට පහසු කොටස් වලට බෙදා ගන්න. 

5) ඒ කොටස් ඔබට පාඩම් කිරීමට අවශ්‍ය අනුපිළිවලට ඒ කොලේ ලියන්න. 

6) දැන් පළවෙනිම කොටස බලන්න. 

7) දැන් හොදින් කියවා තේරුම් ගන්න.මතක තියාගන්න නෙමෙයි කියවා අවබෝධ කරගන්න.ප්‍රායෝගික උදාහරණ භාවිතා කරමින් ඒ පාඩම හොදින් අවබෝධ කරගන්න. 

8) දැන් පොත පැත්තකින් තබා ඔබට ඒ පාඩම තේරෙන සරලම විදියට අර අරන් ගිය කොලයේ ලියන්න.දැන් මඟහැරුනු හෝ සරලව ලියාගන්න අපහසු තැන් නැවත බලා තේරුම් ගන්න.නැවතත් පෙර ලෙස කොලයේ ඔබට තේරෙන සරලම විදියට ලියන්න. 

📌️ විශේෂම දෙයනම් ඔබට එය ඉතාම සරලව කියන්න පුලුවන් නම් පමණයි ඔබට එය අවබෝධ වී ඇත්තේ.සංකීර්ණ දේ සරලම ඔබේ භාෂාවෙන් කියන්න පුලුවන් නම් ඒ පාඩම ඔබට අවබෝධ වී ඇත. 

9) අහසට ,ගසකට, සතෙකුට හෝ හැකිනම් කුඩා දරුවෙකුට ඔබේ පාඩම කියා දෙන්න. එසේත් නැතිනම් ඒ පාඩම නොතේරුන කෙනෙකුට එය උගන්වන්න. නමුත් කිසිම ගුරුමුෂ්ටියක් තියාගන්නේ නැතිව.මෙය ඉතාම සරලව කියා දෙන්න.ඔබට මෙය කළ හැකිනම් ඔබට දැන් පාඩම පාඩම් වී අවසන්. 

10) අවසානයේ ඊට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න.අලුත් කරුණු සොයන්න.තව තව ඒ ගැන කියවන්න.youtube ආදී ඕනම සමාජ මාධ්‍යයක ඒ පිළිබඳව ඇති දැනුම සොයන්න. 

මේ තුළින් ඔබේ දැනුම වැඩිවෙනවා මෙන්ම ඒ පිළිබඳ ඇති උනන්දුව ඔබට මතකය වැඩි කරාවි. 

📌️ අනෙක් කරුණ නම් පාඩමේ එක් කොටසක් සම්පූර්ණ කළ පසු ඊළඟ කොටසට යන්න.එයත් එසේම කරන්න.

📌️ මුලු පාඩමම අවසන් කළ පසු නැවත එක් වතාවක් එය කියවා මුල සිට සරලව ලියන්න.දැන් අඩු පාඩුබලා ඒවාද කියවා අවබෝධ කරගන්න.

📌️ විභාගයක් ලං වෙන තෙක් සිට මෙය කළ නොහැකි.එම නිසා පෙර සිටම සූදානම් වන්න. 



🖊️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

MPhil in Psychology (Reading)

BA (Hons) in Psychology 

N.Dip in Counselling

No comments:

Post a Comment

Stress

𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐒𝐭𝐫𝐞𝐬𝐬? Stress is our body's natural reaction to challenges or demands. It's like an alarm system that kicks in ...