Followers

Thursday, 9 September 2021

හැමවෙලාවෙම මතක තියාගන්න මට මමවත් අයිති නැති ලෝකෙක තව කෙනෙක් කොහොම අයිති වෙන්නද?

ජීවිතේ අපිට විවිධාකාර බැදීම් තියෙනවා.ඒ බැදීම් සමහරවිට ජීවිත කාලෙ පුරාවටම පවතින ඒවා වෙන්න පුලුවන් නැත්තම් මඟදි බිදිලා යන බැදීම් වෙන්න පුලුවන්.කිසිම අවස්තාවක අපිට කියන්න බෑ මේ කෙනා මාත් එක්ක මුලු ජීවිත කාලයක් එකම විදියට ඉදී කියලා.ඕනම වෙලාවක ඕනම මනුස්සයෙක් වෙනස් වෙන්න පුලුවන්.ඒක තමන්ටම උනත් ආදේශ කරන්න පුලුවන්.


ඔබ උනත් ඕනම සම්බන්ධයක් ආරම්භයේදි හිටපු පුද්ගලයා නෙමෙයි ඒ සම්බන්ධතාවය ආරම්භ කරල ටික දවසක් යද්දි ඉන්න කෙනා.ඔබත් වෙනස් වෙනවා ඒක ඕනම විදියක වෙනසක් වෙන්න පුලුවන්.එක්කෝ ශාරීරික නැත්තම් මානසික.මේ ඕනම වෙනසක්.

හිතන්නකෝ ඔබ කොණ්ඩේ දිගට තිබුණ කෙනෙක්නම් ටිකක් කාලෙකින් ඔබ කොණ්ඩේ කපන්න පුලුවන්.ඒක කාලය එක්ක එක එක හේතු මත වෙන වෙනස් වීමක්.

ඉතින් මේ වගේම ඔබ වටා ඉන්න හැමෝමත් වෙනස් වෙනවා.නමුත් ආදර සම්බන්දයකදී ඔය වෙනස හුඟක් අය හයිලයිට් කරගෙන විහින් දුක් විදිනවා.හිතන්නකෝ මුලින් කෙනෙක් එක්ක සම්බන්දයක් ආරම්භ කරද්දි ඔන්න හිතේ චිත්‍රයක් මවා ගන්නවා.මම ආදරේ කරන කෙනා මෙන්න මෙහෙම කෙනෙක් වෙන්නෝනේ.ඒ චිත්‍රය ඇතුළේ ඉන්න කෙනෙක් හම්බුන ගමන්ම ඔන්න සම්බන්දය පටන් ගන්නවා.මේකේ දේවල් 100% නොගැලපුනත් අවම 80% වත් ගැලපෙනවනම් ඔන්න සම්බන්දය ආරම්භ කරනවා.දැන් මේක පවත්වාගෙන යන්නෝනේ.මම කලින්ම කිව්වනේ මිනිස්සු වෙනස් වෙනවා.එතකොට අර කලින් ඇදන් හිටපු චිත්‍රය ටික ටික අභියෝගයට ලක් වෙනවා.දැන් ප්‍රශ්නයක්.

"මම ආදරේ කරේ මෙයාට නෙමෙයි මම ආදරේ කලේ කලින් හිටපු මෙයාට."

ඔන්න දැන් ඕක මතුර මතුර දවසේම හිතේ වැඩ කරනවා.ටික දවසකින් අනික් කෙනාට ප්‍රෙෂර් කරනවා වෙනස් වෙන්න කියලා.ඔන්න සම්බන්දය රැක ගන්න ඒ කෙනා වෙනස් වෙන්න උත්සාහ කරනවා.අන්තිමට තමන්ට තමන්වත් නැති කරන් වෙනස් වෙන්න උත්සාහ කරනවා.ප්‍රශ්න රණ්ඩු අස්සේ " ආදරේ" කියන වචනෙත් එපා වෙලා අන්තිමට වෙන් වෙනවා.

ඕක හුඟක් තැන් වල වෙන සංසිද්ධියක්.

නමුත් හිතන්න ! ඔය මගේ කෙනා මෙහෙම වෙන්නෝනේ කියන චිත්‍රය බොහෝ පොදු කාරණාවක් සහා මම හිතන්නේ ඒක හැම මනසක් තුළම එහෙම ඇති.හැබැයි කෙනෙක් හොයා ගත්තට පස්සේ ඒ චිත්‍රය ඉරල විසි කරල පුච්චලාම දාන්න.මේ තමන් ඉස්සරහා ඉන්න පුද්ගලයාට ප්‍රේම කරන්න.තමන්ට තමන් නැති නොවෙන විදියට ප්‍රේම කරන්න වගේම ඒ පුද්ගලයට ඒ පුද්ගලයා නැති නොකර ප්‍රේම කරන්න.

සරලවම ඔබ දෙන්නා දෙන්නෙක් ඒක මතක තියන් ඔහු/ඇයට ඔහු/ඇයම වෙන්න ඉඩ හැර ඔබ ඔබම වී ප්‍රේම කරන්න.

ඔහු/ඇය ඔබ අතහැර වෙන කෙනෙක් ගැන හිතනවනම් ඒකට ඉඩ දෙන්න.මොකද මම කලිනුත් කිව්වා වගේම මිනිස්සු වෙනස් වෙනවා.අන්න ඒක නිසා ඕනම වෙලාවක සම්බන්දයක් බිදී යන්න පුලුවන්.ඒක වෛර කළ යුතු කාරණාවක් කර ගන්නේ නැතුව ජීවිතේ ජීවත් වෙන්න.

හැමවෙලාවෙම මතක තියාගන්න මට මමවත් අයිති නැති ලෝකෙක තව කෙනෙක් කොහොම අයිති වෙන්නද?




🖊️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

No comments:

Post a Comment

Stress

𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐒𝐭𝐫𝐞𝐬𝐬? Stress is our body's natural reaction to challenges or demands. It's like an alarm system that kicks in ...