ජීවිතේ දුෂ්කම කාල ජීවත් වීමට පවා අපහසු කාල දිවි නසා ගැනීමට තරම් සිතෙන කාල ජීවිතය තුළ පැමිණේවි. හරියටම රිංගා යාමට අපහසු තැනකින් රිංගා යන්න උත්සාහ කරන විට දැනෙන වේදනාවටත් වඩා අසීරු වේදනාවන් ජීවිතය තුළදි හමු විය හැක. සියලුම දෙනාට මෙවැනි වේදනාවන් අත්විදීමට සිදු විය හැක.ඉතින් එසේය ජීවිතය.
ඔබට මේ අවස්තාවේදි ඔබව දරා ගැනීමටත්, ඔබට ශක්තියක් වීමටත්, අවැසිම මොහොතේ උරහිසක් දීමටත් උණුසුම් වැළදගැනීමකින් සිත සැනසවීමටත් එක් අයෙක් හෝ ඇතිනම් සැබැවින්ම ඔබ වාසනාවන්තයෙකි. මක්නිසාද බොහෝ තැන්හි වැටෙන වැටෙන වාරයක් පාසා තවත් තල්ලු කිරීමට මිස අතින් අල්ලා නගා සිටුවීමට උරහිසක් දී සැනසවීමට මිනිසුන් අල්ප බැවිනි.ඔබ වටා එසේ පිරිසක් සිටීනම් පිරිසක් කෙසේ උවද එක් අයෙකු හෝ සිටීනම් ඔබ වාසනාවන්තයෙකි.
එක් අයෙකු හෝ නැතිනම් ඔබද වාසනාවන්තයෙකි.මක්නිසාද ඔබ මෙයින් පසුව නැගිටින්නේ කිසිවකුට වැට්ටවිය නොහැකි තරමේ පතාක යෝධයකු ලෙසය. අඩන්නට රැදෙන්නට වෙනත් උරහිසක් නැතිනම් ඔබ ඔබටම උරහිසක් ලබා දෙන්න. ඔබ ඔබේ දකුණතින් වමත දැඩිව අල්ලා ගන්න. ඔබ ඔබවම වැළද ගන්න.දැන් ඔබම ඔබව සනසවා ගන්න උත්සාහ ගන්න.මෙය මා කියනා තරම් පහසු නොවනු ඇත.නමුත් නොහැකි නැත. මහ හයියෙන් අඬන්න. ඔබගේ වේදනාව පහව යන තුරුම හඬන්න. අවසානයේ ඔබ ඔබගේ ශක්තීන් මතක් කරගන්න.දැන් නැගිටින්න. අවශ්‍යම වුවහොත් මනෝ උපදේශන සහය පතන්න.
අඬන්න රැදෙන්න පපුවක් , උරහිසක් තිබුණ තැනදිත් නැති තැනදිත් ශක්තිමත්ව නැගී සිටින්න. ඔබට වේදනා නොමැති දවස් තුළ කුඩා පොතක් පවත්වාගෙන යන්න.ඒ පොත තුළ ඔබට සතුටු හිතෙන සියලු දේ, ඔබ සතුව ඇති වටිනම දේ, ඔබට සතුටු හිතෙන්නට ඔබට ඇති සියලු දේ එහි ලියා තබන්න. දුක හිතෙන වේදනාත්මකම දින වල එය කියවන්න.යම් සහනයක් ගෙන දේවි.
🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ