මිනිස්සු නම් සමාජ ජීවියෙකි. තනිව වාසය කරනවාට වඩා එකිනෙකා සමඟ සබඳතා වර්ධනය කරගනිමින් එකිනෙකා සමඟ බැදෙමින් ජීවිතේ ගෙනියෑම මිනිස් ස්වාභාවයයි. නමිත් කොවිඩ් වසංගතය ලෝකය ගොදුරු කරගැනීමෙන් පසුව මිනිසුන්ට එසේ සමීපව සබඳතා ගෙනයෑමට නොහැකිව ඇත. මිනිස් සබඳතා සැබැවින්ම පුදුමාකාරය. අනිකුත් සතුන් මෙන් නොව මිනිසුන් ලිංගික කර්තව්‍යට අමතරව සිප වැළදගැනීම් සිදු කරමින් ශරීර ස්පර්ශ කරමින් තමාගේ හිතවත් කම් සුහදකම් බෙදා හරී. පෙර සඳහන් කළාක් මෙන් කෝවිඩ් වසංගතය හමුවේ පුද්ගල සබඳතා ශරීර දුරස්ථබාවය පවත්වා ගනිමින් ගෙන යාමට සිදුව ඇත.
Aljoscha Dreisoerner නම් පර්‍යේෂක සහ ඔහුගේ පිරිස (Goethe University) වැළදගැනීම් සහ ක්ලමථය (Stress) අතර සබඳතාවය පිළිබඳව 2021 වර්ෂයේදි පර්‍යේෂණයක් සිදු කොට ඇත. මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 159දෙනෙකු යොදා ගෙන ඇත. Trier Social Stress Test (TSST) මේ සඳහා යොදා ගෙන ඇත. මෙහිදි පර්‍යේෂණයට භාජනය වන්නන්ට රැකියා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන ආකාරය ව්‍යාජ රංගනයක් රඟ දක්වන්න යැයි පවසා ඒ තුළින් ආතතිය නිර්මාණය කොට ඇත. මේ අතර ඔවුන්ගේ ඛේට තුළින් කෝටිසෝල් (cortisol) අඟය මැන බලා ඇත (ආතතිය ඇති විට කෝටිසෝල් අගය ඉහළ යයි).
මෙම ස්වේච්ඡා සහභාගි වන්නන් කාණ්ඩ තුනකට බෙදා වෙන් කරන ලදි.
1. සහයක පර්‍යේෂකයින් තප්පර 20ක් වැළදගෙන ඇත.
2. තමා විසින්ම තමාම තප්පර 20ක් වැළදගෙන ඇත.
3. කිසිදු වැළදගැනීමක් නැත.
මේ අතර අවසාන වශයෙන් ඔවුන්ට කඩදාසි වලින් රොකට් එකක් සැදීමට කුඩා ක්‍රියාකාරකමක් ලබා දී ඇත.
මෙම පර්‍යේෂණයේ ප්‍රථිපල වලට අනූව කුමන ආකාරයේ වැළදගැනීමක් සිදුකළ අයගේ කෝටිසෝල් අගය කිසිදු වැළදගැනීමක් සිදු නොකළ අයගේ කෝටිසෝල් අගයට වඩා අඩු අගයක් ගෙන ඇත.
මේ අනූව පුද්ගලයකු වැළදගැනීමක් කළ විට ආතතිය යම් තාක් දුරකට අවම කර ගත හැකි යැයි අනුමාන කළ හැකිය. නමුත් මේ වසංගත සමය තුළ එකිනෙකාව වැළදගැනීම උචිත නොවේ. එසේ උවද තමාට තමාවම සුලු වේලාවක් වැළදගත හැකිය. සියලුම පුද්ගලයින්ගේ ආදරය කරුණාවට වඩා තමාට තමා කෙරෙහි ආදරය කරුණාව සෙනෙහස උණුසුම ලබා දිය හැකිනම් ඔබට ඔබගේ බොහෝ ආතතීන් සමනය කර ගැනීමටත් ඕනෑම ගැටලුවක් සෙමෙන් පහසුවෙන් නිරාකරණය කර ගැනීමටද හැකි වනු ඇති.
🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
MPhil in Psychology (Reading)
BA (Hons) in Psychology
N.Dip in Counselling