Followers

Friday, 18 March 2022

ඔබට සියල්ලන්ම සතුටු කළ නොහැක

මිනිසා සමාජ ජීවියෙකි. සමාජයක් තුළ ජීවත් වීමේදි එකිනෙකාගේ අදහස් හැසිරීම් මත ඇතැම් අවස්තා තුළ යැපෙන්නට සිදු වුවද සෑම විටම එසේ කිරීමට හැකියාවක් නැත. එසේම එසේ කිරීමට යෑමෙන් තමාට බොහෝ අවාසිද සිදු විය හැක.

එක්තරා මිනිසෙක් සහා ඔහුගේ පුතනුවන් ඔවුන්ගේ බූරුවාව විකිණීමේ අදහසින් පොළ සොයා ඇවිද යන්නට විය. මේ ඇවිද යන අතරතුර එක්තරා තැනකදි ඔවුන්ට ඇසුනේ

"බූරුවෙකුත් තියන් පයින් යනවා මෝඩ මිනිස්සු"

මෙය ඇසුන සැනින් පියා බූරුවා පිට නැග ගමන් ගන්නට විය.පුත්‍රයා තවදුරටත් පයින්ම ගමන් කළේය.ටික දුරක් පහු කරන විට ඔවුන්ට ඇසුනේ

" මහ පුදුම තාත්තෙක් පුතාව පයින් යවනවා , ඔහු සැපට යනවා."

මෙය ඇසුනු සැනින් පියා පුතාට බූරුවා පිට යෑමට අවස්තාව සලවා ඔහු පයින් ගමන් කළේය. මේ අතර තවත් තැනකදි තවත් අයෙක් පැවසුවේ

" පුදුම පුතෙක් තාත්තා පයින් යවලා පුතා සැපට යනවා".

මෙයත් ඇසුනු පසු ඔවුන් තීරණය කළේ දෙදෙනාම බූරුවා පිට නැගී යාමටයි.මෙසේ දුරක් යනවිට මිනිසුන් මෙසේ කීවෝය.

" පුදුම මිනිස්සු අහිංසක සතාට කරන හිරිහැරයක්".

එවිට පියා සහා පුතනුවන් බූරුවාගේ කකුල් වලින් පොල්ලක ගැට ගසා බූරුවා කර පිට ඔසවාගෙන යන්නට විය. මඟ දුරක් යන විට පාලම පසු කරන්නට සිදුවිය.ජලය දුටු විට බූරුවා කකුල් ගසන්නට වූ අතර එවිටම ලණුව ලිහී වතුරට වැටුනේය.

අවසානයේ බූරුවාත් සල්ලිත් දෙකම නැතිව නැවත් නිවස බලා පිටත් වන්නට විය.

ජීවිතේ ජීවත් වන විට සමාජයෙන් ලඟම මිත්‍රයන්ගෙන් නෑදෑ හිතවතුන්ගෙන් විවිධ යෝජනා අදහස් සහ අණකිරීම් පවා ලැබිය හැක.නමුත් ඒවා සියල්ල එක විටම පිළිපැදීමට කිසිවෙකුට හැකියාවක් නැත. ඒ අතරින් සුදුසුම දේ තෝරා බලා තමාත් දෙතුන් වතාවක් සිතා බලා ඒවා අනුගමනය කළ යුතුය. එසේ නැතිව ඔවුන්ගේ සිත් දිනාගැනීමේ අරමුණින් සතුටු කිරීමේ අරමුණින් ඔවුන් කියනා සෑම දේම කිරීමට යෑමෙන් අවසානයේ අත්වෙන සියලු ප්‍රශ්න සහ කරදර වලට මුහුණ දීමට සිදුවන්නේද තමාටමය.

හොඳම දෙයනම් සියලු දෙනා සතුටු කිරීමට යනවා වෙනුවට තමාගේ ජීවිතයට යහපතක් සිදුවන තමාට හරියැයි සිතන යහපත් ක්‍රියා සහ තීරණ ගැනීම තුළින් ජීවිතේ සාර්ථක කර ගැනීමට හැකි වනු ඇත.



🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
Mphil in Psychology (Reading)
BA (Hons) in Psychology
N.Dip in Counselling 

Stress

𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐒𝐭𝐫𝐞𝐬𝐬? Stress is our body's natural reaction to challenges or demands. It's like an alarm system that kicks in ...