ජීවිතේ යනු කුමක්ද යන්න නිර්වචන සැපයීමට තරම් කොයිතරම් වයස උවද ඔබටද නොහැකි විය හැකිය. මක්නිසායත් තවමත් මුහුණ නොදුන් අත්දැකීම් ඔබටත් තිබිය හැකි බැවිනි. කෙසේ උවත් මේ තාක් කාලයක් ඔබ ගෙවූ ජීවිතය ඔබ ලද ජයග්‍රහණයන් සහ මුහුණ දුන් සංසිද්ධීන්වලට අනුකූලව ඔබේ ජීවිත කතාව ඔබට වීරත්වයකි. එය එසේ විය යුතුය.
කොයි කොහොම උවත් ජීවිතේ තරඟයක්.ඒ අනෙක් මිනිසුන් සමඟ නොව ඊයේ සිටි ඔබ හා අද සිටින ඔබ අතර අද සිටින ඔබත් හෙට සිටින ඔබ අතරත්ය. ඔබ තරඟ කිරීමට තෝරාගන්නා ප්‍රතිවාදියා අනූව ඔබගේ ගමනේ සාර්ථකත්වයේ සැබෑ ජයග්‍රහණය සැමරීමට හැකි වේ. ඔබ ඔබේ වටපිටාවේ සිටින අය පාගා දමමින් ඔබේ ගමන් යයි නම් එය සැබෑ ජයග්‍රහණයක්ද නැතිනම් ඔබේ සිතේ ඇදි සතුටක්ද යන්න තීරණය කිරීම ඔබ සතු වේ.
එසේම ඔබ ඔබේ ප්‍රතිවාදියා ලෙස වෙනකෙක් තෝරා ගනිමින් ඔහු හෝ ඇය කරනා දේම කිරීමට වෙහෙසෙයි නම් ඔබ ඔවුන් ගැන සිත සිතාම ඔබේ වැඩ නිර්මාණය කරයිනම් ඔබේ ජයග්‍රහණය තව දුර විය හැක. ඔබේ ප්‍රතිවාදියා ඔබම වෙන්න. අද සිටින ඔබට වඩා ශක්තිමත් විශාල පෞර්ෂයක් හිමි දැවැන්ත චරිතයක් ඔබ නිර්මාණය කරන්න. පෙර දවසේ සිටි ඔබට වඩා වර්ධනය වූ චරිතයක් සහ පෙර දවසට වඩා වර්ධනය කළ යමක් පසු දවසේ කරන්න. නව නිර්මාණයක් නව යමක් කිරීමට උත්සාහ ගන්න.
එසේම ඔබ වටා සිටින අයත් ඔබ සමඟම ජයග්‍රහණ කරා රැගෙන යන්න. ඔවුන්ටද උපකාර කරමින් ඔබේ ගමන යන්න උත්සාහ ගන්න. එය සැබෑ ජයග්‍රහණයයි.
පෙර කී ලෙසම ජීවිතේ යන්න පැහැදිලි අර්ථකතන දෙන්න කිසිවෙකුට නොහැකි උනත් ජීවිතේ ජයගැනීම සියලු දෙනාගෙම බලාපොරොත්තුවයි. එසේ යන ගමනේදී සැබෑ විජයග්‍රහණයක් සමරනු වස් ජීවිතේ හැඩගසාගන්න.
🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
No comments:
Post a Comment