Followers

Thursday, 15 July 2021

සමනල ආචරණය

ඔබ දන්නවද ඔබේ ඉතාම කුඩා සිදුවීමක් සමහරවිට ඔබ හිතන්නෙවත් නැති කුඩාම සිද්ධියක් ඔබේ මුලු අනාගතයම වෙනස් කරන්න පුලුවන් බව?ඔබට මම කතාවක් කියන්නම්.

එරික් , එරික් කියන්නේ කඩවසම් තරුණයෙක්.ඔහු දිනක් තමන්ගේ සුරතල් බල්ලා සමඟ ඇවිදින්න යනවා.මෙහෙම යන අතරමගදී හාවෙක් පැන්නා ඉස්සරහට.මේක දැකපු නෝවා ඒ කියන්නේ සුරතල් බල්ලා මේ හාවා පිටිපස්සේ පන්නන්න ගත්තා.එරික් නෝවා පසුපස දිව්වත් ඔහුට නෝවා මග හැරුනා.ඔහු නෝවා හෙව්වත් සොයා ගන්න නොහැකි උනා.ඔහු කණස්සල්ලෙන් ගෙදර ආවා.ඔහු දවස් ගානක් බලන් හිටියත් නෝවා ආවේ නෑ මේ නිසා ඔහු තීරණය කලා නෝවා හොයන්න දැන්වීමක් දාන්න.

මෙහෙම ඉද්දි දිනක් සුරූපී තරුණියක් නෝවා හොයන් ඇවිත් තිබුණා.ඇගේ නම වෙනේසා.මොවුන් හිතවත් උනා.දින ගෙවිලා යත්ම ආදරවන්තයින් උනා.එරික් හිතුවා නෝවා ටිකකට අතුරුදහන් වීම ඔහුට වාසනාව ගෙනාවා කියලා.

දවසක් එරික් ඇයව හමුවෙන්න ඔහුගේ කාරයෙන් පිටත් උනා.මේ යන අතරමඟ ඔහු අනතුරකට ලක් උනා.ඔහුව රෝහල් ගත කලා.ඔහු හිතුවා ඔහුට වෙනේසා හමු උන එක කොයි තරම් අවාසනාවක්ද කියලා.ඔහුට ඔහුගේ මොලය පරීක්ෂා කරන්න අවශ්‍ය බව වෛද්‍යතුමා පැවසුවා.ඔහු පරීක්ෂණයට ලක් උනා.ඊලග දවසේ ඔහුට ප්‍රතිපලත් රැගෙන වෛද්‍ය තුමා පැමිණියා.ඔහු නෝවාගෙන් ඇහුවා පළමුව ඔබට ඇසීමට අවශ්‍ය හොද ආරංචියද නරක ආරංචියද කියලා.එරික් පළවෙනියෙන් නරක ආරංචිය අහන්න කැමති බව කිව්වා.

වෛද්‍යතුමා  :- ඔබේ නරක ආරංචියටම එයත් සම්බන්ධයි

එරික් :- මට අපහැදිලි වෛද්‍යතුමනි

වෛද්‍යතුමා :- ඔබේ මොලයේ tumor එකක් තියෙනවා.ඒක තමා නරක ආරංචිය.හොද ආරංචිය තමා මේ tumor එක ඔයාගේ අනතුරේ ප්‍රතිඵලයක් නෙමෙයි.අනතුරෙන් ඔයාට කිසිම හානියක් නෑ.අනතුර නිස ඔයා පරීක්ෂණය කල නිසයි ඔබට මේක කලින්ම අදුන ගන්න පුලුවන් උනේ.දැන් අපිට මෙය කිසිම හානියකින් තොරව ඉවත් කරන්න පුලුවන්.

එරික් නැවත ඔහුගේ වාසනාව ගැන එනම් අනතුර සිදු වීමේ වාසනාව ගැන සිතුවා.ටික කාලයකින් සැත්කමකින් ඔහුව සම්පූර්ණයෙන්ම සුව කලා.ඔහුත් ඔහුගේ ආදරණීය වෙනේසාත් සතුටින් ජීවත් උනා.

මේ ආචරණය නෝවා ආචරණය (Nova effect) ලෙස හදුන්වනවා.එනම් ඉතාම කුඩා සිද්ධියකින් විශාල දෙයක් සිදුවිය හැකි බවයි.

මෙයම Butterfly effect නැතිනම් සමනල ආචරණය ලෙස විග්‍රහා වෙනවා.මෙය සොයා ගෙන තිබෙන්නේ එඩ්වඩ් ලෝරන්ස් නම් කාළගුණ විද්‍යාඥයෙක්.ඔහු ප්‍රකාශ කරන්නේ "බ්‍රසීලයේ සමනලයකුගේ තටු සැලීමක් ඇමරිකාවේ ටෝනාඩෝවක් ඇති කල හැකි බවයි".එනම් අප ගනනකවත් නොගන්නා ඉතා කුඩා සිද්ධියක් විශාල වෙනසක් සිදු කල හැකි බවයි.

මෙසේ හිතන්න ඔබ ඊයේ රාත්‍රියේ නිදිමරාගෙන ලස්සන චිත්‍රපටයක් බලලා ඔබට අවදි වෙන්න පරක්කු වෙනවා.මේ නිසා ඔබ හදිස්සියේ වැඩ ටික කරාගනිද්දි ගෙදර තිබුණු වටිනම භාණ්ඩයක් ඔබ අතින් බිදෙනවා.මෙයට ඔබ හොදටම බැනුම් අහලා රණ්ඩු කරලා ගෙදරින් කර්‍යයාලයට පිටත් වෙද්දි තවත් ටිකක් පරක්කු වෙනවා.මේ යන අතරමග ඔබ පාරේ යන විට අන්‍ය ජාතිකයෙක් ඔබේ ඇගේ හැපුනායැයි සිතන්න.දැන් ඔබට කේන්ති ගොස් ඔබ රණ්ඩුවක් පටන් ගන්නවා.මෙය තව ටිකක් දුර ගිහින් ඔබේ යහලුවන් සහ ඔහුගේ හෝ ඇගේ යහලුවන්ද මේකට එකතු වෙනවා.අවාසනාවකට මෙතනින් එක්කෝ ඔබේ පාර්ශ්වයේ හෝ අනික් පාර්ශවයේ කෙනෙක් දැඩි ලෙස තුවාල වෙනවා.දැන් මෙය රට පුරා ජාති වාදි අරගලයක් නිර්මාණය කරනවා.

හිතන්න ඔබ නිදිමරන් ඊයේ රාත්‍රියේ චිත්‍රපටය නොබැලුවානම් මෙය සිදුවේවිද?

මෙසේ ඔබ කරන කුඩා ක්‍රියාවක් උවද ඔබ නොහිතන එක වචනයක් උවද විශාල වෙනසක් කීරීමට හැකි.ඒ නිසා සියලු දේ ගැන කල්පනාකාරී වෙන්න අවබෝධයෙන් වැඩ කරන්න.


අවසන් කරන්නම් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් කිවූ දෙයකින්

ඇණය නැති නිසාවෙන් ලාඩමක් මදි විය 

ලාඩම මදි වීමෙන් අශ්වයෙක් මදි විය

අශ්වයා මදි වීම හේතුවෙන් සෙබලෙකු මදි විය

සෙබලෙකුගේ මදි කමින් යුද්ධය පරාද විය

යුද්ධය පරාද වීමෙන් රාජ්‍යය අහිමි විය

එනම් ඇණයක අඩු කම රාජ්‍යයක්ම අහිමි කිරීමට සමත් විය.


🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 


No comments:

Post a Comment

Stress

𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐒𝐭𝐫𝐞𝐬𝐬? Stress is our body's natural reaction to challenges or demands. It's like an alarm system that kicks in ...