ප්‍රඥාව,
ප්‍රඥාව කියලා සරලවම අදහස් කරන්න පුලුවන් ඔබ ලග තිබෙන දැනුම ඔබේ බුද්ධිමත් බව භාවිතා කිරීමට නිවැරදිම අවස්තාවේ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ලෙස විස්තර කරන්න පුලුවන්.පෙර ලිපියේ සදහන් කලා වගේ ස්ටොයිකවාදයට අනූව වැදගත්ම දෙයක් තමා ප්‍රඥාව කියන්නේ.මේ ලිපියෙන් මම පැහැදිලි කරන්නේ ඔබට ප්‍රඥාව වැඩි දියුණු කරගන්න ඔබටම කරන්න පුලුවන් සාර්ථක ලේසි ක්‍රියාවන් තුනක්.මීට වඩා ක්‍රම තියෙනවා සහා ඒවත් අනුගමනය කිරීමෙන් ප්‍රඥාව වැඩි දියුණු කරගන්න පුලුවන්.මම ඔබට භාවනාව ගැන මේ ලිපියෙන් කතා කරන්නෙ නෑ ඒකට එක හේතුවක් වෙන්නේ සමහර අයට භාවනා කරන්න අපහසුයි.මේ ලිපියෙන් වැඩිපුරම අවධානය යොමු කරන්නේ ඕනම කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් වැඩි වෙහෙසක් නැති ක්‍රම තුනක් පමණයි.
1/ අත්දැකීම් ලබා ගැනීම
මම විශ්ව විද්‍යාලයෙන් මෑතකදි සමුගත්තේ.මම මගේ උපාධිය සම්පූර්ණ කළේ මෑතකදි.ඒ සමගම මට රැකියාවක් හොයාගන්න බැරි උනා.හුගක් වෙලාවට මට ආව ලොකුම ප්‍රශ්නය තමා පළපුරුද්ද නැති කම.ඒත් එක්කම කොරෝනා ආවාම රැකියාව තව පස්සට ගියා.ගෙදර ඉන්න අතරේ කරන්න වැඩ නැති උනා.එහෙම උනාම ෆිල්ම් බලන එක තමා මගේ ප්‍රථම රාජකාරිය උනේ.මම ෆිල්ම් බලලා ඒ ෆිල්ම් ගැන හිතෙන දේ ලිව්වා.හැබැයි මට ඒවා කාටවත් පෙන්නන්න ඕනේ උනත් බැරි උනා.ඔහොම එක එක විදියේ ඒවා ලිව්වා.නිසදැස් කවි එක එක ජාති ලිව්වා ඒත් ඒවා එකක්වත් සාර්ථක උනේ නෑ.හැබැයි මම ඒවා ලියන එක අත්හැරියෙත් නෑ.අලුත් අලුත් විදියට ලිව්වා ඔහොම ලියන ඒවා මම fb එකේ page එකක දාන්න පටන් ගත්තා.ටිකෙන් ටික මම ලියන්න ඉගෙන ගත්තා තාමත් ඉගෙන ගන්නවා.ඒ මම ලියන්න ලබා ගත්ත අත්දැකීම.මේකෙන් මට හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා.අලුත් අත්දැකීම් ලැබුනා ජීවිතේට.
ඔබට අත්දැකීම් ලබා ගන්න ඕනම තරම් ක්‍රම සහ විදි තියෙනවා.අවශ්‍ය වෙන්නේ ඔබේ උනන්දුව සහ උත්සහය.ඔබ කරන්න ආසම කරන්න බයම දේ කරන්න පටන් ගන්න.එයින් ඔබේ ජීවිතයට මෙතෙක් කාලයක් ලබා ගන්න බැරි උන ලස්සන අත්දැකීම් ගොන්නක් එකතු වෙයි.අලුත් දේවල් අත්හදා බලන්න.ඒවා වරදීවි නමුත් වැටෙන්න එපා නැවත උත්සහ කරන්න.ඔබට ඒ වැටෙන හැම වාරයකම අලුත් අත්දැකීමක් පාඩමක් ජීවිතේට එකතු වෙයි.ජීවිතේ යම් අවස්තාවක ඔබ ඒ උගත් පාඩම් ඔබට අවශ්‍ය වේවි.
"We gain strength, and courage, and confidence by each experience in which we really stop to look fear in the face.We must do that which we think we cannot.” - Eleanor Roosevelt -
" අපි උත්සහ කරන්න බයෙන් හිටපු ඉන්න අත්දැකීමක් අනිවාර්යයෙන්ම ගන්න ඒ තුළින් ශක්තිය , නිර්භීත බව සහ ආත්ම විශ්වාසය ලැබේවි.අපි කරන්න ඕනේ අපිට බෑ හිතෙන දේ."
2/ Journal එකක් ලියන්න
මේකෙදි ඔයා කරන්න ඕනේ ඔයාට ඔයා අද දවසේ ලබා ගත්ත විශේෂ අත්දැකීම් ලියන්න.ඔයා ගත්ත තීරණ , අලුතින් උත්සහ කල දේවල් සදහන් කරන්න.ඔයාට මේ නිසා දැනුන හැගීම් ඔයා හැසිරුන විදිය , ඔයා ඒ විදියට හැසිරෙන්න හේතුව , අනික් අයගෙන් ඔයාට උන බලපෑම මේ හැම දේම ලියන්න.ඔයාට පුලුවන් මේක ඔයා කැමති විදියට ලියන්න චිත්‍රයක් අදින්න කැමතිනම් මේ ගැන ඔයාට ආයෙම කියවන්න හිතෙන විදියට journal එක පවත්වාගෙන යන්න.දිනපතා ලියන්න පුලුවන් නම් වඩා හොදයි ඒ බැරි උනත් පුලුවන් හැම වෙලාවෙම ලියන්න අවම සතියකට පස් හය වතාවක්ම.සතිය අග ඔයා මේ සතිය ගැන කියවන්න.ඔයාගේ අත්දැකීම් ඔයාගේ හැසිරීම් විශ්ලේෂණය කරන්න.යමක් මේකෙන් ඉගෙන ගන්න.ඔබ අත්දැකීම් ලබා ගත්තට මදි ඔයා ඒවා ජීවිතේට එකතු කරගන්න ඕනේ ඒකට මේ ක්‍රමය වැදගත්.
" We do not learn from experience.We learn from reflecting on our experience". - John Dewey-
" අපි ඉගෙන ගන්නේ අත්දැකීම් තුළින් නොවේ.අපි ඉගෙන ගන්නේ ඒ අත්දැකීම් සමාලෝචනය තුළින්."
3/ අලුත් පුද්ගලයන් ඇසුරු කරන්න.
මේකෙදි ඔයා වටේ ඉන්න විවිධ වටපිටාවන් නැත්තම් විවිධ පසුබිම් සහිත විවිධාකාර අය ඇසුරු කරන්න.ඔවුන් සමග කතා කරන්න ඔවුන්ගේ දැනුම ලබා ගන්න.ඔවුන්ගේ හොද සහා ඉගෙන ගත හැකි වටින දේවල් ඉගෙන ගන්න.කිසිම වෙලාවක විනිශ්චය කරන්න එපා ඔවුන්ව ඒ වගේම ඔවුන්ගේ කතාවන් පිළිබදව විවෘත මනසකින් හිතන්න.ඔයාගේ ජීවිතේට ගන්න පුලුවන් හොද දේවල් හොද පුරුදු දැනුම ලබා ගන්න.වර්ථමාන තාක්ෂණික ලෝකයේ මේ දේ ඉතා පහසුවෙන් ඔබට කරන්න පුලුවන්.නමුත් හැමවිටම මනසේ තියාගන්න ඔබේ ආරක්ෂාව ඔබේ පරිස්සම තියාගන්න.හොද අවබෝධයෙන් පුද්ගලයන් ඇසුරු කරන්න තෝරගන්න.මේකත් ඔබට අලුත් අත්දැකීම් ලබා දෙයි.
මේ ක්‍රම තුන ඔබට ඉතාම පහසුන් ප්‍රඥාව දියුණු කරගන්න යොදා ගන්න පුලුවන්.මීට අමතරව පොත පත කියවන්න , චිත්‍රපටයක් බලන්න , සංගීතයට ඇහුම්කන් දෙන්න , ස්වාභාව ධර්මය සමඟ රැදෙන්න , හැකිනම් භාවනා කරන්න අවම දවසට විනාඩි දහයක්වත්.මේ තුළින් ඔබේ ප්‍රඥාව වැඩි දියුණු කරගන්න.
🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
පෙර ලිපිය මේ link එකෙන්

No comments:
Post a Comment