විභාගයට තියෙන කාලය අඩු උනත් විභාගය ලං උනත් කිසිම කලබලයක් නැතුව පාඩම් කරන්න ලේසි ක්‍රම කිහිපයක් තමා මේ කියන්න හදන්නේ. මේ කොයි දේ උනත් විභාගය ලං වෙනකම් නොයිද එදිනෙදා පාඩම් එදිනෙදා ඉවර කරන එකනම් හුගක් වැදගත්.මොකද එදා කරන පාඩම මතක නොහිටින්න පුලුවන් නමුත් ආයෙම පාඩම් කරද්දි තව අවබෝධයක් ඉක්මනින් ලැබෙනවා වගේම හොදින් මතක තියාගන්න පහසුයි.
1) රාත්‍රීයේ නිදිවරාගෙන පාඩම් කරන්න එපා.මම යෝජනා කරනවා පුලුවන් තරම් රෑ පාඩම් කරන්න එකතු කරගන්නේ නැතිව දවල් කාලයේ පාඩම් කරන්න.නින්ද මතකයට හුගක් වැදගත්.ඒ නිසා පොඩි වෙලාවක් නිදාගෙන ලොකු වෙලාවක් පාඩම් කරනවාට වඩා රාත්‍රී 10 11 පමණ වන විටවත් නිදාගන්න.දවල් දවසම උදේ ඉදන් පාඩම් කරන්න.තවත් කරුණක් තමා මේ රෑ 10 11 පාඩම් කර අවසන් උනාට පස්සේ නිදා ගන්න උත්සහ කරන්න එතනින් පස්සේ ෆෝන් එකේ ඉන්න නම් එපා.ඒ වෙලාව නින්දට වෙන් කරන්න.
2) ෆෝන් එකෙන් ඈත් වෙන්න. (පෙර ලිපියෙත් මම මේ ගැන සදහන් කලා.) ඒ වගේම රූපවාහිනියෙනුත් ඉවත් වෙන්න.හරවත් වැඩසටහන් පමණක් නරඹන්න.මේ ගැනනම් වෙනමම කතාවක් ලියන්න පුලුවන්.මෙගා ටෙලිනාට්‍ය ඇතුළු හරයක් නැති කිසිම වැඩසටහනක් නරඹන්න එපා (විශේෂයෙන් විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙන අය).තමන්ගේ දරුවව ඒකෙන් ඈත් කරන්න.ඒ වෙනුවට හරවත් යමක් ඉගෙන ගන්න පුලුවන් වැඩසටහන් ටෙලි කතා නරඹන්න දෙන්න.
3) විනාඩි 25 -30 වැනි පුංචි කාලයක් එක දිගට පාඩම් කරන්න.මෙතනින් පස්සෙ විනාඩි 5 විවේකයක් ගන්න.නැවත විනාඩි 25-30 ක් පාඩම් කරන්න නැවත විවේකය ගන්න.මේකෙන් වෙන්නේ මොලයට මෙතෙක් වේලාවක් පාඩම් කරපු හැමදේම ධාරනය කරගන්න පහසු වෙන එක.
4) අද දවසේ ඉවර කරන පාඩම අනු කොටස් වලට බෙදා ගන්න.දවස අවසානයේ පාඩමක් හෝ දෙකක් (ඔබට පහසු විදියට) සැලැස්මක් හදා ගන්න.ඒ සැලැස්මට අනූව වැඩ කරන්න.පළවෙනි විනාඩි ගානෙදි පාඩම් කරන කොටස මේ විදියට බෙදා ගන්න.ඒ කොටස විනාඩි 25 - 30 කදි පාඩම් කරන්න පුලුවන් කොටසක් වෙන්න ඕනේ.එකින් එක අවසන් කරන්න.පාඩම අවබෝධ කරගන්න.කට පාඩම් කරන එක නෙමෙයි විය යුත්තේ අවබෝධ කරගැනීම.මේ පාඩම ඉවර වෙද්දි ඔබ හරියටම පාඩම් කළාද කියලා සොයා ගන්න ඔබටම පුලුවන්.ඒ කොහොමද ? ඔබට මේ පාඩම මේ පාඩම මුකුත්ම නොදන්නම කෙනෙක්ට තේරෙන විදියට ඉතාම සරලව කියල දෙන්න පුලුවන් වෙන්න ඕනේ.අන්න එහෙම පුලුවන් කියන්නේ ඔයා හොදට පාඩම් කරලා විභාගෙදි ඒ පාඩම ගොඩ 😍
5) පාඩමක් අවසානයේ ඔබට යම් කෙනෙක්ට මේක උගන්නන්න පුලුවන්නම් සාර්ථක ක්‍රමයක් මතක තියාගන්න.යහලුවෙක්ට පාඩම උගන්නන්න.තනියෙන් පාඩම් කරනවාට වඩා මේක හුගක් සාර්ථකයි.නැවත මතක් කිරීමක් වෙනවා මෙතනදි.ඔබට යහලුවෙක් නැත්තම් උගන්නන්න අඩුම ගෙදර කෙනෙක්ට සුරතලාට නැත්තම් ගහකට හරි උගන්නන්න.ඒක හුගක් සාර්ථක ක්‍රමයක්.මෙතන කොන්දේසියක් තියෙනවා.මතක හිටින්න නම් උගන්නන්න ඕනේ කියලනේ කියන්නේ කොටස් මග හැර මග හැර උගන්නන්න ඕනේ නැත්තම් එයා ලකුණු ගනී කියලා හිතලා උගන්නන්න එපා.මොකද එහෙම උනාම වෙන්නේ ඔබට මතක තියෙන්නෙ ඔබ උගන්නන්න කොටස් ටික.ඔබ බොරු ඉගැන්නුවොත් හරි කොටස් මග හැරියොත් හරි ඔබටත් ඒ යාලුවාට උගන්නපු විදියටම මතක හිටී.
6) දවස අන්තිමට ඔබ ඉගෙන ගත්ත නැත්තම් පාඩම් කරපු හැමදේම පොත් වහලා පැත්තකින් තියලා මතකයෙන් ඔබට තේරෙන විදියට කොලයක ලියන්න.ලස්සන පාට පෑන් භාවිතා කරලා ඔබ කැමති විදියකට පොඩි ශෝට් නෝට් එකක් හදාගන්න.ඊට පස්සේ හරි වැරදි බලන්න ආපහු.බලල වැරදි නිවැරදි කර ගන්න.දැන් මේ ශෝට් නෝට් එක බැලුවත් ඇති විභාගය ලං උනාම.
7) ඔබට පහසුනම් සංගීතයට ඇහුම්කන් දෙන ගමන් පාඩම් කරන්න.මේක මතකයට හොද දෙයක්.සමහර අයට අපහසුයි ඒ අය මේක උත්සහ කරන්න එපා.මේ කියන්නේ සිංදු නෙමෙයි.සංගීතයක් ඒ කියන්නේ වචන නැත්තම් සිංදුවක් නැති සංගීතයක්.හිත නිවෙන සැහැල්ලු සංගීතයක් වෙන්න ඕනේ.පුලුවන් අය පහසු අය පමණක් උත්සහ කරන්න.
මේ පුංචි ක්‍රම කිහිපය උත්සහ කරන්න.ඔබට ජය !
🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ

No comments:
Post a Comment