මේ වචනය හැමෝටම හුරුපුරුදු වචනයක්.නමුත් විශ්වීය වශයෙන් නිර්වචනයක් දෙන්න බැරි වචනයක්.සාර්ථකත්වය සදහා එක් පොදු නිර්වචනයක් නිර්මාණය කරන්න නොහැකි වෙන්නේ ඒක එක් එක් පුද්ගලයාට පොදු වූ නැත්තම් අනන්‍යය වූ දෙයක් නිසා.ඔබට අනූව ඔබ දකින සාර්ථකත්වය තව කෙනෙක්ට අනූව වෙනස් වෙන්න පුලුවන්.මම යෝජනා කරනවා සාර්ථකත්වය යන්න ඔබ ඔබටම ආවේණික ඔබේම නිර්වචනයක් ගොඩ නගා ගන්න.
අපේ ජීවිතේ යම් තැනක අපි අපේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙනවා.ඒක මිනිස්සු උන අපි හැමෝටම පොදු කරුණක්.මෙතනදි ඔබට පුලුවන් ඔබටම ආවේණික සාර්ථකත්වයක් ගොඩ නගා ගන්න.ඒක එක්කො මිල මුදල් යාන වාහන එහෙම නැත්තම් ඔබ බොහෝ කාලයක් ආසාවෙන් බලන් හිටපු හිමාලය නැත්තම් එවරස්ට් තරණය එහෙමත් නැත්තම් ඔබ කාලයක් ගන්න බලන් හිටපු දෙයක් මිල දී ගැනීම වගේ ඕනම දෙයක් වෙන්න පුලුවන්.ඔබ් ඉස්සෙල්ලාම ඔබේ සාර්ථකත්වය විය යුත්තේ කුමක්ද යන්න ලියන්න.ඒක අදම ලියන්න පටන් ගන්න.
දෙවෙනියට ඔබ ඒ සාර්ථකත්වයට යන්න අනුගමනය කරන්න ඕන කෙටි කාලීන සහ දිගු කාලීන ඉලක්ක ලැයිස්තු ගත කරන්න.
දැන් ඒ එකින් එක සාර්ථක කරගන්න ක්‍රම ලියන්න.
දැන් ඔබ ඒ එකින් එක සාක්ෂාත් කරගන්න පටන් ගන්න.
ඔබ පළවෙනිම පියවර තබබු දවසේ ඉදන් ඔබ සාර්ථකයි.මම එහෙම කියන්නේ ඔබ දැන් ඔබේ ගමන යන්න පටන් ගෙන අවසන්.මොනම හේතුවක් නිසාවත් මග නවතින්න එපා.සමහරවිට විවේක ගන්න තැන් හමුවේවි.ඒ තැන් වල විවේක ගන්න නමුත් නවතින්න එපා.
මේ යන ගමනේ මතක තියාගන්න
ඔබ ඔබේ සාර්ථකත්වය ලගා කරගන්නේ ඔබේම කාලරාමුවක් තුළ ඒකට නිසි වයසක් නෑ.
අනික් අයව ඔබට සසදන එක නවත්තන්න.ඔබ ඔබව ඔබට සසදගන්න.
අනික් අයව පාගගෙන යන ගමනක් නෙමෙයි අනික් අයවත් එක්කන් යන ගමනක් වෙන්න ඕනේ.
හෙට ඉදන් නෙමෙයි අද ඉදන් පටන් ගන්න.
පස්සේ නෙමෙයි මේ දැන් ඉදන් පටන් ගන්න.

No comments:
Post a Comment