Followers

Sunday, 1 August 2021

නින්දට තිත !

පාඩම් කරන්න පුලුවන් ඒත් පාඩම මගක් කරද්දි නිදිමත එනවනේ.

මමනම් පොත උඩම හීන දකිනවා අම්මා කතා කලාම තමා දන්නේ ඒ දැක්කේ හීනයක් කියලා.

මේක ඔබටත් තියෙන ගැටලුවක් ද? නින්ද යන එක පාඩම් අතරමගදි.බොහෝ විට අපි හැමෝටම පොදු ගැටලුවක් තමා මේ නින්ද එන එක.මේ කියන්න හදන්නේ නිදිමත නැතිව ෆ්‍රෙශ් එකේ පාඩම් කරන්න පුංචි කරුණු කිහිපයක්.

1/ අපේ මොලය ටිකක් කලුවර උනාම නිදාගන්න උත්සහ කරනවා.මේකට හේතු තියෙනවා.අදුර වැටෙනවත් එක්ක මෙලටොනින් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා මොලයෙන් ඒ ශ්‍රාවයෙන් නිදිමත ඇතිවෙනවා.මේ නිසා තමා කියන්නේ අදුරු තැන් වල පාඩම් කරන්න එපා කියන්නේ.එහෙම උනාම මොලය නින්දකට උත්සහ කරනවා.ඒ නිසා ඔබ පාඩම් කරන්න යොදා ගන්න තැන ලොකු එලියක් තියෙන තැනක් විය යුතුයි.දවල් වෙලාවටත් ලයිට් දාන් පාඩම් කරන්න එපා ස්වාභාවික එලිය එන්න ඔබේ පාඩම් මේසය සූදානම් කරගන්න.

2/ බර ආහාර ගතපු ගමන් පාඩම් කරන්න එපා.ඒකට හේතුව අපි බර ආහාරයක් ගත්තාම මොලයට සපයන ලේ ගමනාගමනය අඩු වෙනවා මේ හේතුවෙන් පුංචි නිදිමත ස්වාභාවයක් පැමිණෙනවා.ඒ නිසා බර ආහාරයකින් පසුව මද වෙලාවක් පොත් මේසය ලගට නොයා ඉන්න.ටිකක් නිදහස් වෙලාවක් ගත කරලා නැවත පාඩම් කරන්න.එහෙමත් නැත්තම් පොඩි ආහාරයක් අරන් පාඩම් කරන්න.එක දිගට ලොකු වේලවක් පාඩම් කරන අවස්තාවලදි පුංචි පළතුරක් වගේ දෙයක් කෑමට ගන්න.

3/ වතුර බොන්න.මේකෙන් ගතට නව ප්‍රබෝධයක් ලැබෙනවා.නමුත් වතුර බෝතලයක් ඔබ පාඩම් කරන තැන තියාගන්න එපා.ඒ වෙනුවට ශීතකරණයේ හෝ මුළුතැන්ගෙයි වතුර තියන්න.පාඩම ටිකකට නවත්තලා නැගිටලා ගිහින් වතුර බොන්න.අවශ්‍යනම් මූණ ටිකක් සීතල වතුරින් සෝදන් එන්න.මේක නිතරම කරන්න අවශ්‍ය නෑ නමුත් ඉද හිට කරන්න.

4/ පාඩම් කරන්න ඇද භාවිතා කරන්න එපා.මොකද ඒක මොලයට ඇත්තටම වදයක්.ඒ වෙනුවට මේසය හෝ වෙනත් තැනක් ඔබ ආස විදියට තියාගන්න.පාඩම් කරන්න පුටුවේ කෙලින් හරි ඉරියව්වෙන් වාඩි වෙන්න.එය ඔබව ප්‍රබෝධයෙන් තියයි.

5/ පාඩම් කරන ඉරියව්ව වෙනස් කරන්න පුලුවන්නම්.උදාහරණයක් ගත්තොත් වාඩි වෙලාම පාඩම් කරනවා වෙනුවට ටිකක් ඇවිද ඇවිද පාඩම් කරන්න.එහෙම නැත්තම් හඩ නගා කියවන්න.මේ විදියට ඉරියව් හෝ ක්‍රමය මාරු කරන්න උත්සහ කරන්න.

6/ පාඩම් අතරමැද පුංචි විවේකයක් ගන්න.(විවේකය පිළිබදව කලින් කතා කළා ඒ නිසා නැවත වෙලාව බෙදා ගන්න එක කතා කරන්නේ නෑ.)මේ විවේකයේදි පාඩම් කරන තැන රැදී ඉන්න එපා.

7/ කැෆේන් වර්ග වැඩිපුර භාවිතා කරන්නත් එපා දවසට දෙවරක් තුන්වරක් ප්‍රශ්නයක් නැහැ.

8/ උදේ කාලයේදි න්‍යාය තියෙන පාඩම් පාඩම් කරන්න සහ අමාරු පාඩම් උදේ කාලයේ කරන්න.ලෙහෙසි ඔබ ආස සහ ප්‍රායෝගික පාඩම් රාත්‍රියට කරන්න.

9/ අනිවාර්යයෙන්ම හොද සැහැල්ලු නින්දක් ලබා ගන්න.මේ පැය දහය දොළහක නින්දක් නෙමේ පැය හයක හතක සුවදායි නින්දක්.නින්ද අවශ්‍යයි හොද මතකයකට.

ඔබට ජය !




🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

No comments:

Post a Comment

Stress

𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐒𝐭𝐫𝐞𝐬𝐬? Stress is our body's natural reaction to challenges or demands. It's like an alarm system that kicks in ...