Followers

Monday, 28 June 2021

ආත්ම විශ්වාසය

ආත්ම විශ්වාසය කියන්නේ පුද්ගලයෙක්ට අත්‍යාවශ්‍යම දෙයක්.ඒකෙන් ලෝකේ ඉස්සරහටම අරන් යන්න ධෛර්යය ලැබෙනවා.ඕනම පුද්ගලයෙක් ආත්ම විශ්වාසය කියන්නේ හරියට ස්වර්ණාභරණයක් වගේ වටින දෙයක්.ඒකෙන් තමන්ගේ පෞරුෂය ඔපවත් වෙන්වා වගේම ජීවිතේට හුගක් වටින්වා.මම ඒක ඔප්පු කරන්නම් පොඩි කතාවකින් හුගක් දෙනෙක් මේ කතාව අහල ඇති මොකද අද ඇය හුගක් ප්‍රසිද්ධ කාන්තාවක් ඒ පාකිස්තානයේ යකඩ ගැහැණිය යන අන්වර්ථ නාමයෙන්.

ඇය නමින් මුනීබා මසාරි.උපත ලබන්නේ 1987 වර්ශයේ පාකිස්තානයේ රහීම් යාර් ඛාන් නගරයේ.ඇය කලා උපාධියක් ලබා ගන්නවා.ඇගේ පියා ඇයව විවාහ කරලා දෙන්නේ උපාධිය අවසන් කරලා වැඩි කාලයක් යන්න නොදීමයි.නමුත් ඇගේ විවාහය රසවත් එකක් නම් වෙලා නැහැ.කෙසේ නමුත් ඇය විවාහ වෙලා අවුරුදු දෙකක් ගියාට පස්සේ රිය අනතුරක් වෙන්වා ඇගේ සැමියට නින්ද ගියපු නිසා උන දෙයක් කියලා තමා ඇය සදහන් කරන්නේ.ඒ අනතුරෙන් වැඩියෙන්ම හානි සිදු වෙන්නේ ඇයට.මේකෙන් ඇය අවුරුදු දෙකක් උඩුබැලි අතට ඇදට පමණක් සීමා වෙන්වා.වෛද්‍යවරුන් ගෙන එන්නේ සුබ පණිවිඩ නම් නෙමෙයි.ඇය දැනගන්නවා ආයෙම කවමදාවත් ඇයට ඇවිදින්න බැරි වෙන වග , ඇයට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරි බව.ඒක ස්වාමියා දැනගත්තාම ඔහු ඇයව දික්කසාද කරන්වා ඇගේ පියා ඇයව අත්හරිනවා.කොහොම හිතෙන්න ඇතිද ඇයට.නැගිටින්න බෑ ආදරය කරපු අය ඇයව අතාරිනවා ඒ හැමදේටම වඩා ඇය ප්‍රිය කරපු චිත්‍ර අදින්න බෑ දැන් ඇවිදින්න බෑ කවදාවත්ම.මොනවා හිතෙන්න ඇතිද.නමුත් ඇය අවසානයේ හිතා ගන්නවා ඇගේ මේ අහිමි වීම් සියල්ලම ඇගේ ශක්තීන් බවට පත් කරගන්න.

ඇය ලෙඩ ඇදේ ඉද්දිම චිත්‍ර අදින්න පටන් ගන්නවා.ඇය දෙමාපියන් අහිමි දරුවෙක්ට ආදරනීය මවක් වෙනවා.ඇය Motivational speaker කෙනෙක් වෙනවා.ඇය BBC 2015 අනූව ලෝකයේ දිරිය කාන්තාවන් 100 අතරට නම් වෙනවා.අද වෙද්දී ඇය ඇගේ අහිමි වීම් සියල්ල අතරින්ම phoenix කුරුල්ලෙක් වගේ නැගිටිනව.

මේ හැමදේටම හේතුව ඇගේ ආත්ම විශ්වාසය.තමන් තමන්ව විශ්වාස කිරීම.ඉතින් තමන්ගේ ශක්තිය තමන්ගේ හැකියාව හොදින්ම දන්නේ තමන්මයි.එය වැඩි දියුණු කරගෙන උත්සහයෙන් නැගී සිටින්න ඔබට පුලිවන්.අවශ්‍ය වෙන්නේ ඔබට ඔබවම පමණයි.හරි දෙයක් කරන්න බය වෙන්න එපා කවමදාවත් උත්සාහය අතහරින්නත් එපා.ඔබට පුලුවන් බව පමණක් හිතන්න.

ඇගේම වදන් පෙලකින් අවසන් කරන්නම්
" I couldn't find a hero in my life so I became one "
" මට මගේ ජීවිතේ වීරයෙක් සොයා ගන්න බැරි උනා ඉතින් ඒ නිසා මම වීරයෙක් උනා"
ඉතින් ඔබත් ඔබේ ජීවිතේ වීරයෙක් නැත්තම් ඔබම වීරයෙක් ගොඩ නගන්න ඔබම දියුණු වෙන්න ඔබේ හීනයට යන්න අතරමගදී නතර නොවීම.






🖊️ ශ්‍රී පාරමි රාජපක්ෂ 

No comments:

Post a Comment

Stress

𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐒𝐭𝐫𝐞𝐬𝐬? Stress is our body's natural reaction to challenges or demands. It's like an alarm system that kicks in ...