Followers

Thursday, 25 November 2021

KAIZEN

සියලු දෙනාගේම ජිවිත තුළ ඉලක්ක , හීන බලාපොරොත්තු ඇති බවට නොඅනුමානය. ඒ හැම ඉලක්කයක්ම ජයග්‍රහණය කරන්න අවශ්‍ය විවිධ ක්‍රම විවිධාකාරයෙන් අත්හදා බලා ඇති.සමහර විටක එම ක්‍රම සාර්ථක වන්නට ඇති අතර ඇතැම් විටක අම ක්‍රම අසාර්ථක වන්නටද ඇත. කෙසේ උවද දිගු කාලීන ඉලක්ක සාක්ෂාත් කරගත හැකි ලෙහෙසි සරල ක්‍රමයක් පිළිබඳවයි මේ ලිපිය.

ජපන් ජාතිකයන් ලෝකයේ බොහෝ සාර්ථක ඉලක්ක සපුරා ගෙන ඇති බව අපට පෙනී යන කරුණකි. ඔවුන් භාවිතා කරන විවිධ ක්‍රම අතර KAIZEN යනු තවත් සාර්ථක ක්‍රමවේදයකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය මුහුණ පෑ ආර්ථික පරිහානි කාලය තුළ ජපානයට පැමිණි ඇමරිකන් ජාතික W.එඩ්වර්ඩ්ස් ඩෙමින් මහතා විසින් ලබා දුන් කුඩා උපදෙසක් අනූව යමින් ජපනුන් මෙම ක්‍රමය හදුන්වා දී ඇත.

මෙහි 'KAI' යන්නෙන් "change" සහ 'ZEN' යන්නෙන් "Good,wisdom" වැනි අර්ථ ගෙන දේ. එනම් එහි ඉංග්‍රීසි අර්ථය නම් " Change for the better" යන්නයි.එසේත් නැතිනම් "Continuous improvement". මෙය සිංහල අර්ථයට නැගූ විට "යහපත වෙනුවෙන් වෙනස් වීම" හෝ " අඛණ්ඩ වැඩිදියුණු කිරීම" වැනි අර්ථ ගත හැකි වේ. සරලවම යම් ව්‍යාපාරයක් හෝ පෞද්ගලික ජීවිතය තුළ සංවර්ධනය දියුණුව මෙහි ප්‍රධාන අරමුණ වේ.

මෙම දර්ශනයෙහි ඇති ප්‍රධානම මූලිකාංගයනම් යම් ඉලක්කයක් වෙනුවෙන් හැකි පමණනින් සෑම දවසකම සුලුදෙයක් සිදු කිරීමයි.  පුංචි වතුර බිංදුවෙන් බිංදුව එකතුව විශාල ගංඟාවක් සෑදෙනවා මෙන්ම අපි කරන කුඩාම දේවල් එක්ව විශාල අවසාන ප්‍රතිඵලයක් ලබා ගත හැකි වේ. තවත් පැහැදිලි කරනවනම් සෑම දිනකම පොඩි වෙලාවක් හෝ තමන්ගේ ඉලක්කය වෙනුවෙන් කුඩා දෙයක් සිදු කරන්න.

Dr.Robert Mauer පවසන්නේ අප යම් ඉලක්කයක් වෙනුවෙන් අපගේ දෛනික ක්‍රියාකාරකම් බොහෝ ලෙස වෙනස් කිරීමට යෑම අසාර්ථක බවයි. ඔහුගේ " One small step can change your life : The Kaizen Way" නම් ග්‍රන්ථයේ තව දුරටත් ඔහු සඳහන් කරන්නේ අපගේ මොලයේ ඇති ඇමිග්ඩලා නම් කොටස හදිසි අවස්තාවන් තුළදි ක්‍රියාත්මක වීමට අපව සකසන බවයි. එවිට අපගේ තාර්කික බුද්ධිය, නිර්මාණශීලිත්වය වෙනුවට භෞතික ශරීරය සූදානම් කිරීමක් සිදු වේ. එහිදී අප අලුතින් පුරුදුවන ක්‍රියාකාරකම් අඩපණ කිරීමක් , සම්පූර්ණයෙන් නැවැත්වීමක් විය හැකි.

වඩා සරලව පහදන්නේ නම් උදාහරණයක් ලෙස ඔබ අලුතින් පොත් කියවීමට හුරු වීමට යන අයෙක් නම්, ඔබ එකපාරටම එක් විශාල පොතක් කියවීමට යෑම අපහසු විය හැක. එවිට ඔබ වෙනදා එම වේලාවට සිදුකළ දෛනික ක්‍රියාකාරකමට බාධාවක් එල්ල වේ. එය එකපාරටම කිරීමට අපහසු වේ. නමුත් ඔබ දිනකට එක්කො එක් පැයක් නැතිනම් පොතෙන් එක් පිටුවක් කියවීමට හුරු කළහොත් ඔබට පොත් කියවීම ප්‍රගුණ කළ හැකි වේ.

තවද  යම් පුරුද්දක් දිනපතා පුහුණු කළහොත් අවම වශයෙන් දින 21 කදීවත් එය ඔබගේ දෛනික ක්‍රියාකාරකමේ කොටසක් ලෙස භාවිතා කළ හැකි වේ. ( එය ඊට වඩා දීර්ඝ කාලයක්ද විය හැක.නමුත් සිතීමේ පහසුව සඳහා දින 21ක් යැයි සිතමු). එසේනම් ඔබ ඔබගේ ඉලක්කය වෙනුවෙන් දිනපතාම සුලු ක්‍රියාකාරකමක් ආයාසයෙන් සුලු වේලාවක් සිදුකළහොත් දින 21 පසුව එය ඉතාම පහසුවෙන් ඔබගේ දෛනික ක්‍රියාකාරකමේ කොටසක් ලෙස සිදු කළ හැකි වේ.

මගේ පෞද්ගලික උදාහරණයකින් මේ ලිපිය අවසන් කරන්නම්. මා දිනපතා භාවනා කිරීම පුහුණු කළෙමි. මෙය හිත එක්තැනක රදවා ගැනීමට සහ ආතතිය කළමනාකරණය යන ඉලක්ක වෙනුවෙන් සිදුකමි.ආශ්වාස ප්‍රාශ්වාස කිරීම වෙනුවෙන් අවධානය යොමු කරගෙන සිටීම මාගේ ක්‍රමයයි. එය එකවර කිරීම අපහසු වූ හෙයින් මුලින්ම ආස්වාස ප්‍රාශ්වාස වාර 25ක් ගණන් කොට කිරීම ආරම්භ කළෙමි. එයට දළ වශයෙන් විනාඩි 5ත් 10ත් අතර කාලවේලාවක් ගත උනු අතර මෑත කාලය වන විට ගණන් කිරීමකින් තොරව විනාඩි 20ක් 30ක් පමණ හිත එක්තැනක රදවාගෙන සිටීමේ හැකියාව ලැබී ඇත. මෙය දැනට අවුරුදු එකහමාරක පමණ ප්‍රථිපලයකි.

මෙයින් පෙන්වීමට අවශ්‍ය වූයේ ඔබ ඉතාම කුඩා ලෙස යමක් සිදු කළහොත් ඔබට අනාගතය තුළ ටිකෙන් ටික ඔබේ ඉලක්කයට යෑමට හැකි වනු ඇත.

ඔබට පොතක් ලිවීමට අවශ්‍යනම් දිනකට එක් ඡේදයක් ලියන්න.
ඔබට පොත් කියවීම ආරම්භ කිරීමට අවශ්‍ය නම් දිනකට එක් පිටුවක් කියවන්න.
ඔබට සිගරට් භාවිතය නැවැත්වීමට අවශ්‍යනම් ඔබ දැනට දිනකට ගන්නා සිගරට් ප්‍රමාණයෙන් එක බැඟින් සතියෙන් සතිය හෝ අවම කරන්න.

පොඩිවට පටන් ගන්න ලොකු තැනකට ඔබට යන්න හැකිවේවි.




🖋️ ශ්‍රී පාරමි රාජපක්ෂ
MPhil in Psychology (Reading)
BA(Hons) in Psychology
N.Dip in Counselling
Visiting Lecturer 

No comments:

Post a Comment

Stress

𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐒𝐭𝐫𝐞𝐬𝐬? Stress is our body's natural reaction to challenges or demands. It's like an alarm system that kicks in ...